Saturday, November 23, 2019

Storing Devices - ආචයන උපක්‍රම

ආචයන උපක්‍රම 

Storing Devices

                       පරිගණකයට ඇතුළත් කරනු ලබන උපදෙස් හා දත්ත ක්‍රියාවලියකට ගන්නා තෙක් රදවා ගනු ලබන ඒකකය මේ නමින් හදුන්වයි. එමෙන්ම ක්‍රියාවලියට ඇතුළත් කළ දත්ත හා තොරතුරු ප්‍රතිදානය කරන තෙක් රදවා තබා ගැනිම ද මෙම ඒකකයෙන් සිදු වේ.

Storing devices හි කාර්යයන්
  • දත්ත ඇතුළත් කිරිමෙන් පසු ගබඩා කිරිම.
  • ක්‍රියාවලිය අවසන් වු පසු දත්තයන් ඇතුළත් කිරිම.
  • යම් ක්‍රියාවක දි දත්තයන් ඇතුළත් කිරිම.

Thursday, November 21, 2019

Output Devices - ප්‍රතිදාන උපක්‍රම

ප්‍රතිදාන උපක්‍රම  - Output Devices

                 පරිගණකයට ඇතුලත් කරනු ලබන දත්ත අභ්‍යන්තර ක්‍රියාවලියෙන් පසු වාර්තාමය තොරතුරු වශයෙන් ලබා දිම මෙම ඒකකය මගින් සිදු කරයි. මෙම දත්ත පිටතට ලබා ගැනිම සදහා භාවිතා කරනු ලබන උපකරණ කිපයක්,
  • Speakers
  • Monitor
  • Printer       
Output devices හි කාර්යයන්
  • පරිගණකය මගින් අපට වැටහෙන තොරතුරු සංකේත මගින් භාර ගැනිම.
  • එම සංකේත මිනිසාට තේරුම් ගත හැකි පරිදි පරිවර්තනය කිරිම හා පරිවර්තනය කළ තොරතුරු පිටතට ලබා දිම.

Wednesday, November 20, 2019

Input Devices (ආදාන උපක්‍රම)

ආදාන උපක්‍රම - Input Devices

               පරිගණකය තුළට දත්තමය තොරතුරු ඇතුළත් කරිම සදහා භාවිත කරන උපකරණ මේ නමින් හදුන්වයි. පරිගණකය තුළට දත්ත ඇතුළත් කිරිම සදහා විවිධ ක්‍රම භාවිත කරයි. ඒවායි කිපයක් ලෙස,
  • Key board
  • Mouse
  • Digital camera
  • Light pen            

Input devices හි කාර්යයන්
  • බාහිර ලෝකයෙන් ලබා දෙන උපදෙස් හා දත්ත පිළිගැනිම.
  • එම උපදෙස් හා දත්ත පරිගණකයට පිළිගත හැකි තත්ත්වයට පත් කිරිම.
  • පරිගණකයට පිළිගත හැකි තත්ත්වයට පත් කළ දත්ත හා තොරතුරු ඉදිරි ක්‍රියාවලිය සදහා සැකසිම.

Tuesday, November 19, 2019

Control Unit (CU) - පාලන ඒකකය

 පාලන ඒකකය 

Control Unit

                       පරිගණකයට ඇතුළත් කළ දත්ත වෙනත් ඒකකයකට යැවිම සදහා සංඥා නිකුත් කරනු ලබන්නේ මෙම ඒකකය මගිනි. ඇතුළත් කළ දත්තවලට කුමක් සිදුකළ යුතු ද යන්න මෙම ඒකකය මගින් සලකා බලනු ඇත. මෙම මතකයේ ඇති උපදෙස් අපේක්ෂා කරනු ලබන අතර ඒ අනුව කටයුතු කරයි. 

Monday, November 18, 2019

Automatic and Logic Unit (ALU)

අංක ගණිතමය හා තාර්කික ඒකකය (ALU)

                            යම් ක්‍රියාවලියක දි ඉටු කළ යුතු ගණිතමය කටයුතු මෙම කොටස මගින් සිදු කරයි. මෙම ඒකකය (+,-,x,/)සිදු කළ හැකි පරිදි නිර්මාණය කර ඇත.

Sunday, November 17, 2019

Mesurments Of Storge Capacity (ගබඩා කළ හැකි ධාරිතාව)

ගබඩා කළ හැකි ධාරිතාව 

(Mesurments Of Storge Capacity)


                  8b = 1byte  = 1 characts
                  1024byte    = 1 Killo Byte
                  1024KB     = 1 Mega Byte
                  1024MB    = 1 Giga Byte
                  1024GB     = 1 Tera Byte   

Friday, November 15, 2019

Read Only Memory (ROM) - කියවිම සදහා වන මතකය

 කියවිම සදහා වන මතකය  

(Read Only Memory - ROM)

                              පරිගණකයක් ක්‍රියාත්මක විමට පමණක් ඇති මතකය මේ නමින් හදුන්වයි. පරිගණක නිෂ්පාදකයින් විසින් ලියා ඇති වාර්තා, පර්යන්ත උපක්‍රම හා උපකරණ මෙමගින් display කරයි.  පරිගණකය ක්‍රියා කරන අවස්ථාවේ විදුලි සැපයුම නතර වුවද නැවත විදුලිය ලබා දිමෙන් මෙම තොරතුරු ලබා ගත හැකි ය.
ROM

Thursday, November 14, 2019

Random Access Memory (RAM) තාවකාලික මතකය

තාවකාලික මතකය 

(Random Access Memory - RAM)


  • මෙය  කියවිමට මෙන් ම ලිවිමට ද හැක.
  • යම් විටක විසදමින් සිටින ගැටලුවක් විසදිමට අවශ්‍ය තොරතුරු මෙහි අඩංගු වේ.
  • පරිගණකයේ විදුලි සැපයුම නතර වු වහාම RAM එකේ ඇති තොරතුරු ගිලිහි යයි.
  • නැවත විදුලිය ලබා දිමක් සිදු කල ද එම තොරතුරු ලබා ගත නොහැකි ය. ඒ නිසා මෙය වැඩ කරන මතකය වේ.

RAM