Friday, July 26, 2019

පරිගණක ඉතිහාසය

ආයුබෝවන් සියලු දෙනාටම.මෙික තමා අපේ දෙවනි පොස්ට් එක. කලින් පොස්ට් එකෙන් පරිගණකය කියන්නේ මොකක් ද කියලා අපි කතා කරා. 

                       

                                                          හොදයි අද අපි පරිගණක ඉතිහාසය ගැන පොඩිඩක් හොයලා බලමු.      ඇත්තම කිවිවොත් පරිගණකයට ඉතා දි්රඝ ඉතිහාසයක් තියනවා. පරිගණකය සියවස් ගණනාවක ක්‍රමික විකාශනයක ප්‍රතිඵලයක්. පරිගණකයේ මුලාරම්භය සොයන්න නමි මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවදියට යන්න වෙනවා. මිනිසා ගණනය කිරිම පටන් ගත්තේ අතේ ඇගිලි හා කුඩා ගල් කැට ගැනිමෙන්. ඒ වුනාට පහුවෙන කොට මිනිසාගේ දියුණුවත් එක්ක වේගවත් නැත්නමි ඉක්මනින් ගණනය කිරිමෙි ක්‍රමයක් ඕන වුනා. ඔයාලට තේරෙනවානේ අතේ ඇගිලිවලින් ගණන් කරන්න තියන අමාරුව. ඒ හින්දා ම මෙවාගේ ප්‍රතිඵලයක් විදිහට අප අද භාවිතා කරන පරිගණකය නිර්මාණය වුනේ.
                                                                      ඒ වුනාට පරිගණකය නිපදවිමට කලින් ගණනය කිරිමට විවිධ   උපකරණ නි්රමාණය වුනා.   ඒ උපකරණ අතර ක්‍රි.පු 450 දි පමණ චිනයේ නිපද වු ඇබකසය (abacus) මුල් ම ගණනය කිරිමෙි උපකරණය ලෙස හදුන්වා දෙන්න පුලුවන්. මේ උපකරණයෙන් සරල ගණිතමය ගැටලු පමණක් විසදා ගන්න පුලුවන්. ඇබකසය කුඩා දරුවන්ට ගණිතය කියා දිමට අද පාවිච්චි කරන බෝල රාමුවට සමානයි. ඇබකසය තමයි පරිගණකය නි්රමාණය විමට මුලික අඩිතාලම වුනේ. ඕන්න ඔය වාගේ තමයි ටිකෙන් ටික පරිගණකයේ විකාශනය සිද්ද වුනේ.
                                                              

                                 අපි ඉලග පොස්ට්වලින් කතා කරමු කොහොමද ඒ විකාශනය තවත් දුරට සිද්ධ වුනේ කියලා. මෙි වාගේ තවත් පොස්ට් එකකින් අයෙත් හම්බවෙමු.  හැමොටම සුබ දවසක්!  
ඇබකසය
 

Thursday, July 25, 2019

පරිගණකය යනු කුමක් ද?

ආයුබෝවන්...................

සියලු දෙනාම ශිල්ප.com බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා.
බ්ලොග් එක හැදුවට අද තමා පොස්ට් එකක් දාන්න වේලාව හම්බවුනේ. හරි කමක් නෑ අපි අද ඉදන් පටන් ගමු.

                                    අපි අද මුලින් ම පරිගණකය කියන්නේ මොකක් ද කියලා බලමු. අපට  පරිගණකය කියන්නේ මොකක් ද කියලා විවිධ විදිහට නි්රවචනය කරන්න පුලුවන්. ඔයාලට තේරෙන විදිහට සරල ව කිවුවොත් පරිගණකය කියන්නේ මිනිසා විසින් නිපදවන ලද කා්රයක්ෂම බවින් ඉහළ බහු කා්රයයන් කළ හැකි විද්‍යුත් උපකරණයක්. පරිගණකයේ දත්ත හා උපදෙස් ඇතුළත් කර ඉලෙක්ට්‍රෝනික ක්‍රියාවලියකට භාජනය කිරිමෙන් අනතුරුව ක්ෂණිකව තොරතුරු ලබා ගත හැකි යාන්ත්‍රික උපකරණයක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්.                                                               

                                           ඔයාලට තේරුනේ නැත්නමි මං තවත් විදිහකට කියන්නමිකෝ පරිගණකය කියලා කියන්නේ සංඛ්‍යාත උපයෝගි කරගනිමින් රෑප චලන,රෑප ශබ්ද හා අකුරු ආදී දත්තයන් ඇතුලු කිරිම,ගබඩා කිරිම හා සැකසිම සිදු කළ හැකි විද්‍යුත් තාක්ෂණික උපකරණයක්. දැන් ඔයාලට තේරුනා ද පරිගණකය කියන්නේ මොකක් ද කියලා. එහෙනම් අපි තවත් දවසක තවත් පොස්ට් එකකින් හම්බවෙමු.