Tuesday, September 24, 2019

printer (මුද්‍රකය)

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ මුද්‍රකය (printer) ගැන විස්තර ටිකක්.  

                                          පරිගණකයක ගබඩා වී ඇති ලේඛන, රූප සටහන්, චිත්‍ර ආදී දෑ මුද්‍රිත මාධ්‍යයෙන් ලබා ගැනිමට මුද්‍රකය භාවිත කරයි. පරිගණක සමග භාවිත කරන මුද්‍රක වර්ග කිහිපයක් හදුනා ගන්න පුලුවන්. ඒවා තමා, 
  • තිත් න්‍යාස මුද්‍රකය (Dot matrix printer) - මෙය මිලෙන් අඩු වුවද පිටපත් ලබා දීමේ වේගය අඩුයි. ඒවාගේ ම ශබ්දයක් නගයි.
  • ඉන්ක්ජෙට් මුද්‍රකය (Inkjet printer) - මෙය වැඩි මිලක් නොවුවද උසස් තත්වයේ පිටපත් ලබා ගැනීමට විශේෂිත කඩදාසි භාවිතා කළ යුතු වේ.
  • ලේසර් මුද්‍රකය (Laser printer) - මෙය මිල වැඩි වුවද ලබා ගන්නා පිටපත් සදහා යන වියදම අඩුයි. ඒවාගේ ම එය වේගවත්.
Dot matrix printer
Inkjet printer
Laser printer
                                         

හොදයි අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්. 


Sunday, September 22, 2019

Spekers (ස්පීකර)

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ  Spekers ගැන විස්තර ටිකක්. 

                                              මෙය පරිගණකයෙන් ශබ්ද ආකාරයට යම් සංඥාවක් හෝ සංගීතයක් වැනි හඩක් පරිගණක පරිශිලකයාට ඇසීමට සලස්වන උපකරණය යි. මෙය output devices එකක් ලෙසද හදුන්වන්න පුලුවන්. වෙනස් ආකාරයේ ස්පීකර් වර්ග අවශ්‍යතාවය අනුව භාවිතයට ගනි. හෙඩිෆෝන් එක (headphone) ස්පීකරයේ තවත් ආකාරයක්. අන්තර්ජාලය ඔස්සේ කථා කිරිමට වැනි කාර්යයන් සදහා පරිගණක පරිශිලකයාට පමණක් ශබ්දය ඇසෙන ආකාරයට මෙම උපකරණය භාව්ත කරන්න පුලුවන්.

               

එහෙනම් අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්. 

   

Friday, September 20, 2019

Mouse (මුසිකය)

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ Mouse (මුසිකය) එක ගැන විස්තර ටිකක්. 

                                          මුසිකය යතුරුපුවරුවට අමතරව දත්ත ඇතුලත් කිරිමට භාවිතා කරන මිලග උපාංගය යි. X-Y ඛංඩාංක ලක්ෂයන් උපයෝගි කර ගෙන මුසිකයේ ඊ හිසෙහි චලනය දිස්වන ආකාරයේ ක්‍රමයක් ආධාරයෙන් මේ උපාංගය නිර්මාණය කරලා තියනවා. මුසිකයේ යට කොටසෙහි ඇති පරිපථයේ අඩංගු ආලෝක සංවෙිදි උපාංග උපයෝගි කරගෙන මුසිකයේ චලනයට අනුරෑප පිහිටිම මොනිටර තිරයේ දිස්වේ. හැඩයෙන් හා විශාලත්වයෙන් වෙනස් වන විවිධ Mouse වර්ග වර්තමානයේ දි දැක ගන්න පුලුවන්. ඒවාගේ ක්‍රියාකාරිත්වය අනුව විවිධ Mouse වර්ග හදුනා ගන්න පුලුවන්.


මුසිකයේ කොටස් හදුනා ගනිමු.


  • ක්ලික් (click) කිරීම - තිරය මත ඇති යමක් තෝරා ගැනිමට මවුසයේ වම්පස ඇති බොත්තම ඉක්මනින් හා මෘදු ලෙස තද කල විට (click) තිරය මත පෙන්වන දෙය මතුකර පෙන්වා එය තෝරාගත් බව (Highlighted) පෙන්වයි.
  • දකුණු පස බොත්තම ක්ලික් කිරීම (Right Click) - තිරය මත තෝරා ගත් අයිකනය හෝ ප්‍රදේශයට සම්බන්ධ විධාන දකුණු පස බොත්තම ක්ලික් කිරීමෙන් drop down මෙනුවක් ලෙස ලබා දෙයි.
  • දෙවරක් ක්ලික් කිරීම (Double Click) - තෝරාගත් අයිකන් එකක් මතට mouse arrow එක තබා වම් පස බොත්තම ක්ෂණිකව දෙවරක් click කිරිම.
  • ඇදගෙන යාම ( Drop) - තිරය මත ඇති යමක් එහා මෙහා කිරීමට හෝ ප්‍රමාණය වෙනස් කිරීමට මුසික දර්ශකය ඒ මත තබා වම් පස ඇති බොත්තම තද තර ගෙන මුසිකය තබා ඇති ස්ථානය (mouse pad) මත ඇදගෙන යා යුතු යි.  
  • රෝද බොත්තම (Wheel Button) - තනි තිරයේ ප්‍රමාණයට වඩා දිගු ලේඛන ඇති විට (පිටු කිහිපයකින්) වෙනත් අවශ්‍ය පිටුවක් කරා වේගයෙන් පෙරලාගෙන යාම වැනි කටයුතුවලට මෙය ප්‍රයෝජනවත් වේ.  

අද අපි mouse එක ගැන විස්තර ටිකක් කතා කරා. අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්.

Monday, September 16, 2019

Keyboard (යතුරු පුවරුව)

ආයුබෝවන් හැමෝටම. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් කතා කරා Monitor එක ගැන. අද අපි කතා කරන්නේ Keyboard  (යතුරු පුවරුව) එක ගැන විස්තර ටිකක්.

                                                 අක්ෂර, අංක, සංකේත සහ විධාන පරිගණක පද්ධතියට ආදානය කිරිම සදහා යතුරු පුවරුව යොදා ගනි. එමෙන්ම මෙය පරිගණකයට ප්‍රාථිමික දත්ත ඇතුලත් කිරිම (input) මෙන්ම විධාන ඇතුලත් කරන ප්‍රධාන උපාංගය ලෙස යතුරු පුවරුව හදුන්වන්න පුලුවන්. මේ යතුරු පුවරුව සාමාන්‍ය යතුරුලියනයේ (Typewriter) යතුරු පිහිටිමට සමාන ආකාරයට වන අතර මිට අමතරව අතිරේක වෙනත් යතුරු විවිධ වු කාර්යයන් සදහා යොදා ගෙන තියනවා. වර්තමානයේ විවිධ හැඩයේ සහ විශාලත්වයෙන් යුක්ත යතුරු පුවරු භාවිතයට ගන්නවා. ඒ වාගේ ම ඒවායේ වෙනස් ප්‍රමාණයෙන් අතිරේක යතුරු පවතිනවා.




                                                               යතුරු පුවරුව පද්ධති ඒකකයට (system unit) වයරයකින් (with a wire) හෝ වයරයක් රහිතව (wireless) සම්බන්ධ වේ. වයරයක් සහිත සම්බන්ධ විමේ දි DIN-5, PS/2 හෝ USB ආකාරයේ සම්බන්ධතාවයකින් සම්බන්ධ වේ.


 

Parts of a Keyboard

                        යතුරු පුවරුව සැකසි ඇති ආකාරය සහ එහි කොටස් ගැන විස්තර ටිකක් දැන් කතා කරමු. යතුරු පුවරුවක ඇති යතුරු ආකාර 04කින් යුක්ත වේ. ඒවා නම්,

  1. ටයිප් කරන යතුරු (Typing keys)
  2. අංකමය යතුරු පුවරුව (Numeric key pad)
  3. ක්‍රියාකාරි යතුරු (Function keys)
  4. පාලන යතුරු  (Control keys)
  • පාඨ යතුරු ලියනය කිරිම සදහා ටයිප් කරන යතුරු (A........Z) භාවිතයට ගනි.
  • ගණිතමය දත්ත ඇතුලත් කිරිම සදහා අංකමය යතුරු කොටස භාවිත කරයි.
  • අංක සහ කාරක (operators) අඩංගු අංකමය යතුරු කොටස සාමාන්‍යයෙන් යතුරු 17කින් සමන්විතයි.
  • ක්‍රියාකාරි යතුරු (F1-F12) මගින් පරිගණකයේ මෙහෙයුමි පද්ධතියට (operating) විධි විධාන පැවරිමට හැකි යි. මෙවා යතුරු පුවරුවේ ඉහළ කෙළවරේ එක පෙලට පිහිටා ඇත. නිදසුන් ලෙස F1 මගින් කළ හැකි වන්නේ යමි මෘදුකාංගයක help එක (උපකාරක සේවාවන්) ලබා ගැනිම සදහා භාවිතා කරයි. F2 මගින් යමි file එකක් හෝ fold එකක නම වෙනස් කිරිමට හැකි යි.
  • පාලන යතුරු මගින් කර්සරය (curser) හා තිරයේ (screen) ඇති යමි යමි දේ පාලනය කිරිමට හැකි යි.


  අද අපි Keyboard එක ගැන විස්තර ටිකක් කතා කරා. අපි ඊලග පොස්ට් එකෙන් කතා කරමු  Mouse (මුසිකය) එක ගැන. එහෙනමි සුබ දවසක්.  

Monday, September 9, 2019

Monitor (තිරය)

ආයුබෝවන් හැමෝටම. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් කතා කරා පරිගණක කොටස් ගැන. අපි එකෙදි පරිගණකයේ කොටස් නමි කරා. අද අපි ඒ නමි කරපු කොටස් එකින් එක කෙටියෙන් හදුන ගමු.

Monitor (තිරය)

                              රෑපවාහිනි තිරයකට සමානකම් කියන මේ මොනිටරය පරිගණකයේ රෑපමය තොරතුරු මෙන් ම අකුරු වැනි දෑ ඉදිරිපත් කිරිම සිදු කරයි. ඒ වගේ ම මොනිටරය ප්‍රාථමික ප්‍රතිදාන උපාංගයක් (output) ලෙස ද හදුන්වන්න පුලුවන්. මොනිටරය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.
  1. CRT (Cathode Ray Tube) - කැතෝඩ කිරණ ටියුබය
  2. Flat Panel - පැතලි තිර        
                    මේ Flat Panel වර්ගය තවත් අනු කොටස් 3ට බෙදෙනවා. ඒවා තමා,
  • LCD (Liquid Cristal Display) - මෙයින් සිදුවන්නේ යම් ද්‍රව්‍යයක් උපයෝගි කර ගෙන screen එකෙහි display එක ලබා දිමයි.
  • PDP (Plasma Display Panel) - මෙයින් සිදුවන්නේ යම් වායුමය ස්වභාවයක් උපයෝගි කර ගෙන display එක ලබා දිමයි.
  • LED (Light Emitting Diode) - මෙයින් සිදුවන්නෙ කුඩා  LED යොදා ගෙන display එක ලබා දිමයි. අද වන විට වැඩි වශයෙන් නැත්නම් බහුලව භාවිත වෙන්නේ මෙම LED මොනිටර සහිත පරිගණක යි.



හොදයි, අද අපි monitor එක ගැන කතා කරා අපි ඊලග පොස්ට් එකෙන් key board (යතුරු පුවරුව) ගැන විස්තර කතා කරමු. සුබ දවසක්.




Wednesday, September 4, 2019

පරිගණකයක කොටස්

ආයුබෝවන් සියලු දෙනාටම.............

අද අපි කතා කරන්නේ පරිගණකයක කොටස් ගැන විස්තර ටිකක්.

පරිගණක පද්ධතිය මුලික කොටස් 03ට බෙදෙනවා. ඒවා තමා,
  • දෘඪාංග (Hardware)
  • මෘදුකාංග (Software)
  • ජිවාංග (Liveware)                                                    
                               පරිගණකයක භෞතික කොටස් දෘඪාංග නමින් හදුන්වනවා. මෘදුකාංග විදිහට හදුන්වන්නේ දෘඪාංග විසින් කළ යුතු දෑ පිළිබද උපදෙස් දෙන හෝ සපයන ක්‍රමලේඛයි. මෙහි ජිවාංග ලෙස හදුන්වන්නේ පරිගණක භාවිතා කරන පරිශිලකයන්. යමි කෙනෙකු පරිගණකය භාවිත කරමින් සිටි නමි ඔහු හෝ ඇය එම මොහොතේ ජිවාංග ලෙස හදුන්වන්න පුලුවන්.
                               දෘඪාංග හා මෘදුකාංගවල අන්‍යෝනය ක්‍රියාකාරිත්වය මත පරිගණක ක්‍රියාත්මක වෙනවා. පරිගණකයක ආවරණය සහ ඒ තුළ ඇති සියලු දෑ ඇතුළත්ව ඔයාලට පෙන සහ ස්පර්ශ කළ හැකි කොටස් දෘඪාංග විදිහට හදුන්වන්න පුලුවන්. මේ දෘඪාංගවල වැදගත්ම කොටස වන්නේ මධ්‍ය සැකසුමි ඒකකය (CPU) නමින් හදුන්වන කොටසයි. මේ කොටස පරිගණකයේ මොළය ලෙසද හදුන්වනවා.
                              පහත ඇති රෑප සටහනෙන් පරිගණක පද්ධතියක ඇති පොදු දෘඪාංග මොනවාද කියලා ඔයාලට හදුනගන්න පුලුවන්. ඔයාලගේ පරිගණක පද්ධතිය තරමක් වෙනස්ව පෙනුනත් එහි ද මේ කොටස් සියල්ලම ඇතුලත් කරලා තියනවා. ඒ වගේ ම ලැප්ටොප් පරිගණකයකට ද මේ කොටස් තිබුණත් ඒවා තනි සටහන් පොතක ප්‍රමාණයේ පැකේජයකට සංයුක්ත කරලා තියෙන්නේ.



 මේ පරිගණක පද්ධතියේ කොටස් එකින් එකට මොනවද කියලා හදුනගමු අපි ඉලග පොස්ට් එකෙන්. හැමෝටම සුබ දවසක්.

Monday, September 2, 2019

පරිගණක වර්ග

ආයුබෝවන් සියලු දෙනාටම. කලින් පොස්ට් එකෙන් අපි පරිගණක පරම්පරා ගැන විස්තර කතා කරලා ඉවර කරා. හොදයි කලින් පොස්ට්වල පරිගණක පරම්පරා ගැන කතා කරන කොට අපිට හම්බවුන පරිගණකවලට වඩා විවිධ ක්ෂේත්‍රවලින් හැකියාවන් පෙන්වන පරිගණක වර්ග මේ වෙන කොට බිහි වෙලා තියනවා. අද අපි ඒ ගැන විස්තර ටිකක් කතා කරමු.

                                                          සාමාන්‍ය වශයෙන් පරිගණකයක් ඒවායේ මෙහෙයුමි මුලධර්ම අනුව (Principles of Operation), අරමුණු (purpose) හා ප්‍රමාණය හා වේගය (size and speed) අනුව වර්ග කරන්න පුලුවන්. ආරක්ෂාව, ගුවන් යානා සැලසුම්කරණය, කාලගුණ පර්යේෂණ, පරිගණක සජිවිකරණ චිත්‍රපට ආදි විශේෂ ක්ෂේත්‍රවල ඒවාට විශේෂයෙන් ම නිපද වු සාමාන්‍ය පරිගණකයන්ට වඩා ඉහළ හැකියාවන්ගෙන් යුත් පරිගණක තියනවා. ඒවාගේ ම මෝටර් රථ, රෑපවාහිනි, ස්ටීරියෝ පද්ධති, කැල්ක්‍යුලේටර සහ උපකරණ තුළට කාවද්දා ඇති ඉතා කුඩා පරිගණක ද දකින්න පුලුවන්. මේ අතර පෞද්ගලික පරිගණකය (Personal Computer /PC) එක් වරකට එක් පුද්ගලයෙකුට පමණක් භාවිතා කිරිමට හැකිවන සේ සැලසුම් කරලා තියනවා. මේ පෞද්ගලික පරිගණක ඩෙස්ක්ටොප් (desktop), ලැප්ටොප් (laptop) සහ අත් රැදි පරිගණක (palmtop) විදිහට කාණ්ඩ කිපයක් හදුන්වා දෙන්න පුලුවන්. ඔයාලා මේ වෙනකොට මේ පරිගණක ගැන අහලා තියනවා නේද. ලෝකයේ ප්‍රමුඛ පෙලේ පරිගණක නිෂ්පාදන සමාගම වන IBM විසින් IBM-PC යනුවෙන් නමි කළ ලොව ප්‍රථම පෞද්ගලික පරිගණකය හදුන්වා දුන්නා. 
                                                         අපි දැන් බලමු කලින් කතා කරපු මේ පෞද්ගලික පරිගණක වර්ගවල විස්තර ටිකක්.

ඩෙස්ක්ටොප් පරිගණක (Desktop Computer)



                             ඩෙස්ක්ටොප් පරිගණක මෙිසයක් හෝ ඩෙස්කයක් මත තබා භාවිත කරන්න පුලුවන් විදිහට සැලසුමි කරලා තියනවා. සාමාන්‍යයෙන් මේ පරිගණකය වෙනත් පෞද්ගලික පරිගණකවලට වඩා විශාලත්වයෙන් හා බලවත්කමින් වැඩියි. මේ පරිගණක වෙන් වෙන් වශයෙන් පවතින සංරචකවලින් නිර්මාණය වෙලා තියනවා. මෙහි මුලික සංරචකය පද්ධති ඒකකය (system unit) නමින් හදුන්වන අතර සාමාන්‍යයෙන් එය මෙිසයක් යට හෝ මත හෝ තබන සෘජුකෝණාස්‍රාකාර ආවරණයක් සහිත වුවක්. මොනිටරය (monitor), මුසිකය (mouse) සහ යතුරු පුවරුව (key bourd) වැනි වෙනත් සංරචක (device) පද්ධති ඒකකයට සම්බන්ධ කරලා තියනවා. මේ සංරචක ගැන අපි තවත් විස්තර වෙන පොස්ට් එකකින් කතා කරමු.

ලැප්ටොප් පරිගණක (Laptop Computer) 



                             ලැප්ටොප් පරිගණකය සිහින් තිරයක් සහිත බරින් අඩු ජංගම පරිගණකයකි. මෙය ප්‍රමාණයෙන් කුඩා විම නිසා නෝටිබුක් පරිගණක ලෙස ද හදුන්වනවා. ලැප්ටොප් පරිගණක බැටරි මගින් ද ක්‍රියාත්මක කළ හැකි යි. ඒ නිසා මේ පරිගණක ඕනෑම ස්ථානයකට ගෙන යා හැකි යි. ඩෙස්ක්ටොප් පරිගණකය මෙන් නොව ලැප්ටොප් පරිගණකය පද්ධති ඒකකය, තිරය සහ යතුරු පුවරුව එකට සම්බන්ධ කරලා තියෙන්නේ. භාව්ත නොකරන විට තිරය යතුරු පුවරුව මතට හකුළා තියනවා.

අත් රැදි පරිගණකය (Palmtop Computer)  



                            මේ පරිගණකය පෞද්ගලික අංකිත සහයක (PDAS-Personal Digital Assistants) විදිහට ද හදුන්වනවා. මේ පරිගණක බැටරිවලින් බලගැන්වු පරිගණක වන අතර ඕනෑම ස්ථානයකට ගෙන යාමට තරමි ප්‍රමාණයෙන් කුඩා ඒවා වෙනවා. අත් රැදි පරිගණක ඩෙස්ක්ටොප් පරිගණකය හා ලැප්ටොප් පරිගණකය මෙන් වේගවත් නොවුව ද ලිපින සහ දුරකථන අංක ගබඩා කිරිමත් හමුවිමි කාර්යය සටහන් කිරිමට සහ ක්‍රිඩාවල නියැලිමට ප්‍රයෝජනවත් වෙනවා. සමහර පරිගණකවලින් දුරකථනයෙන් ඇමතිම හෝ අන්තර්ජාලයට පිවිසිම වැනි වඩාත් වැඩි දියුණු කළ හැකියාවක් තියනවා. අත් රැදි පරිගණකවල යතුරු පුවරුව වෙනුවට ඔබේ ඇගිල්ල හෝ ඵලක පෑන (පෑනක හැඩයෙන් යුත් යොමු කිරිමේ උපකරණයක්) සමග භාවිත කරන ස්පර්ශක තිර තියනවා.

                                          ඔයාලා අද දැන ගන්න ඇති නේද අපි මෙච්චරකල් පාවිච්චි කරපු පරිගණක වර්ග ගැන විස්තර. එහෙනමි අපි මේ වාගේ තවත් පොස්ට් එකකින් හම්බවෙමු. සුබ දවසක්.