Tuesday, November 5, 2019

Processor (ප්‍රොසෙසරය)

ප්‍රොසෙසරය (Processor)


                                 පරිගණකයේ වැදගත්ම කොටස ලෙස හදුන්වන්නේ ප්‍රොසෙසරය යි. මේ ප්‍රොසෙසරය පරිගණකයක මෙහෙයුම් සිදුකරනු ලබන නියමුවා ලෙස ද හදුන්වන්න පුලුවන්. ඒ විදිහට හදුන්වන්න හේතුව තමා පරිගණකය විසින් සිදුකරනු ලබන කාර්යයන්ගෙන් වැඩි කොටසකට දායකත්වය සපයනු ලබන්නේ ප්‍රොසෙසරය මගින් විම නිසා වේ. පරිගණක කාණ්ඩය තීරණය වන්නේ ද ප්‍රොසෙසරය අනුවයි. (පෙන්ටියම් 3, පෙන්ටියම් 4, ඇත්ලන් XP ) 
                     ප්‍රොසෙසරය (Processor) යනු තරමක් විශාල තනි චිපයකි. මේ ප්‍රොසෙසරය තාර්කික හැකියාවන් මතක තබා ගැනීමේ හැකියාවන් මෙන්ම ගණිතමය හැකියාවන්ගෙන් ද යුක්තයි. මෙය මව් පුවරුව තුළ මේ සදහාම විශේෂිතව සකස් කර ඇති සොකට්ටුවකට සවි කළ හැකි ලෙස සැලසුම් කරලා තියනවා. නව ප්‍රොසෙසර කෙළින්ම මව් පුවරුව මත සවි නොවන අතර එය ඩෝටර්බෝඩ් යන නමින් හදුන්වන වෙනම පරිපථ පත්‍රයක සවි කරනවා.
                      මේ ප්‍රොසෙසරය ක්‍රියාත්මක වන්නේ පරිගණකය තුළ පිහිටුවා ඇති මෘදුකාංගයන් විසින් සපයනු ලබන උපදෙස් මතයි. යම් වැඩසටහනක් ධාවනය කිරීමත් සමග ම ඒ තුළ ඇති දත්තයන් මෙහෙය විය යුතු ආකාරය පිළිබදව එම වැඩසටහනින් උපදෙස් දෙන විට පරිගණකය තුල ඇති ප්‍රධාන මතකය (Main Memory) තුළින් ලැබෙන දත්ත සැකසීම (උදා- අකුරු වර්ණ කිරිම, විශාල කිරිම ආදී ) සිදුවනුයේ ප්‍රොසෙසරය (Processor) තුළයි. ප්‍රධාන මතකයට අමතරව අධිවේගීව ක්‍රියා කරනු ලබන කෑෂ් නමි මතක විශේෂයක් සමග ද ප්‍රොසෙසරය කටයුතු කරනවා. Cache Memory යනු ප්‍රොසෙසරය හා ප්‍රධාන මතකය අතර  සම්බන්ධතාවය වේගවත් කිරිමටත් ප්‍රොසෙසරය මගින් නැවත නැවත ප්‍රයෝජනයට ගනු ලබන දත්ත ප්‍රොසෙසරය මගින් ඉල්ලා සිටින විට වේගයෙන් ලබා දිමත් සිදු කරන මතක විශේෂයකි.
                         මෙයට අමතරව සෑම ප්‍රොසෙසර (Processor) එකක් තුළම එයට අදාළ ක්‍රියාත්මක වීම් පිළිබදව උපදෙස් අන්තර්ගතව පවතී. 
  • CISC - Complex Instruction Set Computers  මෙම වර්ගය තුළ විශාල උපදෙස් ප්‍රමාණයක් අඩංගු වේ. එහෙත් එම උපදෙස් සියල්ලම ක්‍රියාත්මක නොවේ. ඒ නිසා එම වර්ගයේ කාර්යක්ෂමතාවය අඩු යි.
  • RISC Reduced Instruction Set Computers මෙම වර්ගය තුළ අත්‍යවහ්‍ය උපදෙස් පමණක් අඩංගු වන බැවින් කාර්යක්ෂමතාවය වැඩිය. 

       පරිගණකයක වේගය තීරණය වන්නේ ද මේ ප්‍රොසෙසරයේ වේගය මතයි. ප්‍රොසෙසරයේ ක්‍රියාකාරිත්වය සදහා ලබාදෙන විද්‍යුත් සංඥාවල සංඛ්‍යාතය වැඩි නමි ප්‍රොසෙසරය වේගයෙන් ක්‍රියාත්මක වේ. ප්‍රොසෙසරයේ වේගය යනු ප්‍රොසෙසරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන ස්පන්ද (Clock Pulses) නිකුත් කරන අභ්‍යන්තර ඝඨිකාවේ (Internal Clock) එම ස්පන්ද නිකුත් කිරිමේ සංඛ්‍යාතයයි.
                               1979 දි ඉන්ටෙල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබු Intel  ප්‍රොසෙසර අද වන විට විවිධ මාදිලිවලින් වෙළෙදපොළ තුළ දක්නට පුලුවන්. මේ ප්‍රොසෙසරවලින් ජනප්‍රියත්වයට පත් වි ඇත්තේ Intel සමාගම විසින් නිෂ්පාදනය කළ පෙන්ටියම් (Pentium) පවුලේ ප්‍රොසෙසරයන් ය. 
                           සාමාන්‍යයෙන් ප්‍රොසෙසර දැඩි රත්වීමකට ලක් වේ. උෂ්ණත්වය පාලනය කිරිම සදහා ප්‍රොසෙසරයට ඉහළින් හීට් සින්ක් (Heat Sink) එකක් හා කූලින් ෆෑන් (Cooling Fan) එකක් තියනවා. වායුසමීකරණය කරන ලද කුටිවල දි පරිගණකය වඩා වේගවත් වන්නේ මේ ප්‍රොසෙසරයේ උෂ්ණත්වය ඉහළ යාම පාලනයට ලක් වන බැවිනි.

දැනට භාවිතයේ ඇති ප්‍රොසෙසර වර්ග.
  • Pentium ii,iii,iv
  • AMD K5, K6, K7
  • Cyrix 6x86MX
  • Duron/ Athlon
  • IBM Power PC
  • Digital Alpha

intel processor


 






























































































































































1 comment: