Wednesday, November 6, 2019

Hard Disk (දෘඪ තැටි)

දෘඪ තැටි (Hard Disk)

                                   දෘඪ තැටි (Hard Disk) යනු දත්ත ගබඩා කිරීමේ අභ්‍යන්තර උපකරණයකි. පරිගණකයේ ප්‍රධානතම ගබඩා මාධ්‍යය වන්නේ මේ දෘඪ තැටියි. දෘඪ තැටිය පරිගණකය තුළ ස්ථිර ලෙස සවිකර ඇති Disk එකකි. මේ දෘඪ තැටිවල මතකයේ ධාරිතාවය අතිවිශාල වන අතර ඒ තුළ විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කර තබන්න පුලුවන්. වර්තමානයේ භාවිත කරන දෘඪ තැටි ගිගා බයිටි 1 සිට 150 පමණ දක්වා ධාරිතාවයන්ගෙන් දකින්න පුලුවන්.

දෘඪ තැටිය ප්‍රධාන කොටස් 03කට බෙදා වෙන් කරන්න පුලුවන්.

  • Platters
  • Actuator arm
  • Read/ Write Heads

                                පරිගණකයට ඇතුලු කරන දත්ත තැන්පත් වීම සිදුවන්නේ Platters මතයි. Hard Disk එකක ධාරිතාවය මත එහි පවතින Platters ගණන වෙනස් වේ. මේ Platters වල පැති දෙකෙහිම දත්ත ගබඩා කිරිම සිදු කරන්න පුලුවන්.  මේ Platters (තැටි) කියවීම හා ලිවීම සදහා භාවිත කරන Reading හා Writing Heads සමග වායුරෝධක ආවරණයක් තුළ සවිකර ඇත. Reading හා Writing Heads සවි වී ඇත්තේ Actuator arm  නම් කොටසටය. මේ විදිහට තියන එකක් තුළ දත්ත ලිවීම හා කියවීම සිදුවනුයේ චුම්භක කෙෂ්ත්‍රයක් අනුසාරයෙන්. ලිවීම හා කියවීම සදහා චුම්භක කෙෂ්ත්‍රයක් භාවිත කිරිම මගින් ඉතා පහසුවෙන් දත්ත ලිවීම මකා දැමීම සහ ඩිස්කය තුළ නැවත නැවත ඒ මත ලිවිම සිදු කළ හැකිය. 
                                       මුල් කාලයේ  පරිගණක පරිශීලකයන්ට තම දෘඪ තැටිය වසරකට වරක්වත් ලෝ ලෙවල්  ෆෝමැටි එකකට භාජනය කිරිමට සිදුවුනා. ඒ නිසා  සම්පුර්ණ ඩිස්කයේම දත්ත මැකීයෑමක් සිදුවෙනවා.  ඒ වුනත් අදවන විට දෘඪ තැටියේ ධාරිතාවය ඉහළ අගයක් ගැනීම හා  කාර්යක්ෂමතාවයෙන් යුතු බැවින් ලෝ ලෙවල් ෆෝමැටි එකකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ එක්  මෙහෙයුම් පද්ධතියක සිට එයට වෙනස් මෙහෙයුම් පද්ධතියක් පරිගණකය තුළ ස්ථාපිත කිරිම සදහා පමණි.  Hard Disk එකක් ලෝ ලෙවල් ෆෝමැටි එකකට භාජනය කරන වාරයක් පාසා එහි ආයු කාලයේ අඩු වීමක් සිදු වේ. මේ නිසා අත්‍යවශ්‍ය අවස්ථාවක දි මිස Hard Disk එකක්  ලෝ ලෙවල් ෆෝමැටි එකකට භාජනය නොකළ යුතු යි.    
                                      මෙහෙයුම් පද්ධතියක් ඇසුරු කර ගනිමින් දෘඪ තැටියේ  සිදු කරන ෆෝමැටි කිරිම් High Level Format යනුවෙන් හදුන්වනවා. Hard Disk එකක වේගය මනිනු ලබන්නේ විනාඩියකට කැරකෙන වාර ගණන අනුවයි. (RPM - Rotation Per Minute ) 5400 - 7200 RPM අතර වේගයෙන් යුතු Hard Disk  වෙළෙදපොළ තුළ ඇත. ධාරිතාවයෙන් වැඩි දෘඪ තැටියක් කොටස් කිහිපයකට බෙදා පාචිච්චි කිරිමේ හැකියාවක් තියනවා. එය Partition කිරිම ලෙස හදුන්වනවා. එකම දෘඪ තැටිය තුළ C, D, E යනුවෙන් පරිගණකය පරිශීලකයාගේ අවශ්‍යතා මත අවශ්‍ය ප්‍රමාණයක් ලොජිකල් පාටිෂන් (Logical Partition) බෙදා වෙන් කරන්න පුලුවන්. 
                                   නියමිත අයුරින් පරිගණකය ක්‍රියා විරහිත නොකිරිමෙන් විදුලියේ සිදුවන බිද වැටීම් හා වෙනත් හේතු මගින් දෘඪ තැටියට හානි සිදුවිය හැකි යි. ක්‍රියා විරිහිත වු දෘඪ තැටියක පවතින අත්‍යවශ්‍ය දත්ත නැවත ලබා ගැනීම සිදු කරන්න පුලුවන්. ඒ සදහා සේවා සපයනු ලබන ආයතන කිහිපයක් දැනට අපේ රටේ තියනවා.
Hard Disk
               

No comments:

Post a Comment