Friday, August 30, 2019

Fifth Genaration (පස්වන පරම්පරාව, වර්තමානය හා අනාගතය)

සියලු දෙනාටම සුබ දවසක්.........
අපි කලින් පොස්ට් එකෙන් කතා කරා හතරවන පරම්පරාවේ පරිගණක ගැන. අද අපි කතා කරමු පස්වන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්. 

                 හොදයි ඔයාලට මතක ඇති හතරවන පරම්පරාවේ පරිගණක ගැන කතා කරදි අපි කිවුවා වර්තමානයේ නැත්නමි අද වන විට පවතින පරිගණක බිහි විම ගැන. මේ පස්වන පරම්පරාවේ පරිගණක ගැන කතා කරදි අපිට කතා කරන්න වෙන්නේ අද වන විට පවතින හා අනාගතයේ දි නිර්මාණය විමට නියමිත නවින තාක්ෂණයෙන් යුක්ත වු පරිගණක ගැන.
                                                        මේ පරිගණකයේ ඊලග පරම්පරාව පදනමි වී ඇත්තේ කෘතිම බුද්ධිය (Artificial Intelligent) මුලික කොට ගෙනයි. ශබිද හා රෑප හදුනා ගැනිමේ තාක්ෂණයෙන් හා මිනිසාට සමාන රොබෝවරුන් නිර්මාණය කිරිම වැනි විශ්වකර්ම නිර්මාණ මේ වන විටත් ලොවට එළිදක්වලා තියනවා. ක්වොන්ටම් පරිගණකය, අණුක තාක්ෂණය හා නැනෝ තාක්ෂණය වැනි තාක්ෂණික ශිල්පිය ක්‍රම අනාගත පරිගණක ලොව විශාල වෙනසකට ලක් කිරිමට හැකි වුනා. ස්වාභාවික සංවෙිදනයන් හා භාෂාවන් අදාන (input) ලෙස ගෙන ස්වයංක්‍රියව සංවිධානය වී අධ්‍යනය කර පිළිතුරු සැපයිය හැකි උපාංග සෑදිම මේ පරම්පරාවේ අරමුණු වුනා.
                                                      ඉතිං ඔයාල මේ කියපු නවින පරිගණක දැකලා, පාවිච්චි කරලත් ඇති නේද, අද වන විට විවිධ නවින පරිගණක නිර්මාණය වෙලා තියනවා වාගේ ම තවත් කල් යන විට අනාගතයේ දි මිට වඩා නවින පරිගණක බිහි වෙන්න පුලුවන්. මේ පරිගණක එක් එක් කාලය ට එක එක නවින තාක්ෂණික උපක්‍රම මගින් නවිකරණය වි අලුත් නිර්මාණ බිහි කරනවා. ඉතිං මේ පරිගණකයේ පරම්පරා මෙතනින් නතර වුවත් පරිගණක තවත් දියුණු වෙමින් නව පරම්පරාවන් ඉදිරියට බිහි කරයි.


එහෙනමි අපි අදින් පරිගණක පරම්පරා ගැන විස්තර කතා කරලා ඉවරයි. තවත් අලුත් දෙයක් ගැන විස්තරයක් ඇරගෙන ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්. 

Wednesday, August 28, 2019

Fouth Generation (හතරවන පරම්පරාව 1975-වර්තමානය)

ආයුබෝවන් සියලු දෙනාටම. තුන්වන පරම්පරාවේ පරිගණක ගැන අපි කලින් පොස්ට් එකෙන් කතා කරා. අද අපි කතා කරමු හතරවන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්.

                                                             පරිගණක ක්ෂේත්‍රය විශාල වෙනසකට ලක් කළ සොයා ගැනිමක් විදිහට ක්ෂුද්‍ර සකසනය (Micro Processor) හදුන්වා දෙන්න පුලුවන්. මේ නව සොයා ගැනිම පරිගණකයේ විශාල ප්‍රගතියක් ඇති කළා. මෙමගින් දහස් ගණනක් වු සංගෘහිත පරිපථ ඉතා කුඩා සිලිකන් (silicon) පතුරකට (chip) එක් කර නිපද වුවා. එමගින් පළමු පරම්පරාවේ විශාල කාමරයක් තරම් විහිදුන පරිගණකය අත්ල මත තබා ගැනිමට හැකි වන ලෙස ප්‍රමාණයෙන් කුඩාවට සැකසිමට හැකි වුනා.
                                                        පරිගණකයේ මධ්‍ය සැකසුමි ඒකකය,මතකය (memory) හා ආදානය (input), ප්‍රතිදාන (output), පාලකයන් කුඩා පතුරු (chip) වලට ගොනු කර ගැනිමට මෙමගින් පුලුවන් වුනා. ග්‍රාපිකරෑපී තිර මුහුණත් (Graphical user lnterface) හා මුසිකය (mouse) වැනි උපකරණ ද මේ පරම්පරාවේ දි බිහි වුනා. තවද පරිගණක ජාලකරණය වී අද වන විට පවතින අන්තර්ජාලය වැනි සංකල්ප ද බිහි වුනා. ඉතිං අද වන විට පරිගණකය විවිධ විදිහට නවිකරණය වෙලා තියනවා කියලා ඔයාලට ම පෙනවා ඇති නේ, නේද. 

හොදයි මේ වෙන කොට පරිගණකය තියන තත්ත්වයට වඩා තවත් වැඩි දියුණු වෙමින් අනාගතයේ දි මිට වඩා නවිකරණය වු පරිගණක බිහි විම ගැන විස්තර අපි ඊලග පොස්ට් එකෙන් කතා කරමු. හැමෝටම සුබ දවසක්.   

Monday, August 26, 2019

Third Generation (තුන්වන පරම්පරාව 1964-1975)


සියලු දෙනාටම සුබ දවසක්. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් දෙවන පරම්පරාවේ පරිගණක ගැන විස්තර කතා කරා.


                                         
                                                    අද අපි කතා කරමු තුන්වන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්. 60 දශකයේ ක්‍රමලේඛන භාවිතයේ දියුණුවත් සමග ම 1964 වර්ෂයේ දැනට අප භාවිත කරන නවීන පරිගණකයේ මුලාරම්භය සිදු වුනා. ඒ වගේ ම සංගෘහිත පරිපථය (Integrated Circuit) සොයා ගැනිම මේ තෙවන පරම්පරාවේ පරිගණක සදහා පාදක වුනා. මෙහි දි ට්‍රාන්සිස්ටර් ක්ෂුද්‍රකෘත කර (ප්‍රමාණයෙන් ඉතා කුඩා කර) සිලිකන් පතුරු තුළ අසුරා භාවිතයට ගැනුනා. මේ මගින් පරිගණකයේ වේගය හා කාර්යක්ෂමතාවය තවත් වැඩි වුනා. ම්ට පෙර පරම්පරාවේ භාවිත කළ Punched cards හා මුද්‍රිතයන් වෙනුවට මෙහි දි පරිශිලකයා යතුරු පුවරුව හා මොනිටරය මගින් පරිගණකය හා යා විම විශේෂිත වුනා. 
                                            පළමුවරට පරිගණක සදහා මෙහෙයුම් පද්ධති භාවිතය ද මේ පරම්පරාවෙන් ආරම්භ වුනා. පෙර පරිගණකවලට වඩා කුඩා හා ලාභ වු නිසා ප්‍රථම වරට බහුතර පිරිසකට පරිගණක ලබා ගත හැකි වුනා. 

අපි දැන් බලමු මේ තුන්වන පරම්පරාවේ පරිගණකවල වාසි අවාසි ටිකක්.   


තුන්වන පරම්පරාවේ පරිගණකවල වාසි.

  • ප්‍රමාණයෙන් කුඩා විම.
  • වඩා විශ්වාසදායක විම.
  • ක්‍රියාත්මක කිරිමේ දි පිටවන උෂ්ණත්වය දෙවන පරම්පරාවට වඩා අඩු විම.
  • ගණනය කිරිමේ වේගය වැඩි විම.
  • පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි විම.
  • පෙර පරම්පරාවන්ට වඩා අඩු බලයක් භාවිතා විම.
  • වාණිජමය නිෂ්පාදනය පහසු විම හා ලාභ දායි විම.


තුන්වන පරම්පරාවේ පරිගණකවල අවාසි. 

  • බොහෝ අවස්ථාවල වායු සමිකරණ අත්‍යවශ්‍ය විම.
  • චිප්ස් (IC) නිපදවිම සදහා උසස් සියුමි තාක්ෂණයක් අවශ්‍ය විම.


තුන්වන පරම්පරාවේ පරිගණක ගැන අපි විස්තර ගොඩක් කතා කරා. ඊලග පොස්ට් එකෙන් කතා කරමු හතරවන පරම්පරාවේ පරිගණක ගැන. එහෙනමි හැමෝටම සුබ දවසක්.

Sunday, August 25, 2019

Second Generation (දෙවන පරම්පරාව 1955-1964)


ආයුබෝවන් සියලු දෙනාටම. අපි කලින් පොස්ට් එකෙන් කතා කරා පළමු පරම්පරාවේ පරිගණක ගැන. මං හිතනවා ඔයාලට මතක ඇති කියලා.

                  හොදයි අද අපි කතා කරමු දෙවන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්. 1959 දි රික්ත නාල (Vaccum Tube) වෙනුවට Transister (ට්‍රාන්සිස්ටර්) භාවිතා කිරිම නිසා පරිගණක භාවිතා කරන විට තිබුණු නොයෙකුත් බාධක නැත්නමි අඩුපාඩු මේ නිසා මග හැරුණා. මෙය රික්තක නලයට සාපේක්ෂව ඉතා කුඩා නිසා දෙවන පරම්පරාවේ පරිගණකවල සැලකිය යුතු තරමේ ප්‍රමාණයේ කුඩා විමක් දකින්නට හැකි වුනා. මේ පරිගණකවල කාර්යක්ෂමතාවයේ ද සැලකිය යුතු වර්ධනයක් ඇති වුනා. තවද ට්‍රාන්සිස්ටර භාවිතය නිසා ශක්තිය පෙරට වඩා ඵලදායි ලෙස භාවිත කිරිමට හැකි වුනා. රික්ත නාල පාවිච්චි කිරිමේ දි යන්ත්‍ර තුළ සිදුවන අධික රත්විම වළක්වා ගැනිමට මේ ට්‍රාන්සිස්ටර කදිම විසදුමක් වුනා.    
                                    පළමු පරම්පරාවේ Magnetic drum වෙනුවට Magnetic core technology තාක්ෂණය භාවිතයෙන් පරිගණකයේ කාර්යයන් සදහා අවශ්‍ය උපදෙස් පළමු වරට මෙහිදි මතකයේ ගබඩා කර තබා ගත්තා. උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් භාවිතය ද මේ පරම්පරාවේ දි ආරම්භ වුනා.

දැන් අපි බලමු මේ දෙවනි පරම්පරාවේ පරිගණකවල වාසි අවාසි ටිකක්.

දෙවන පරම්පරාවේ පරිගණකවල වාසි.

  • පළමු පරිගණකවලට වඩා ප්‍රමාණයෙන් කුඩා විම.
  • වඩා විශ්වාසදායක විම.
  • ක්‍රියාකරවිමෙි දි වේගය වැඩි විම.
  • ගණනය කිරිමෙි වේගය වැඩි විම.
  • දෘඩාංග ක්‍රියා විරහිත විම අඩු විම.
  • වාණිජමය කාර්යයන් සදහා වැඩිපුර භාවිතා කිරිම.

දෙවන පරම්පරාවේ පරිගණකවල අවාසි.

  • වාසි සමිකරණ අත්‍යවශ්‍ය විම.
  • නිරන්තර නඩත්තුව අත්‍යවශ්‍ය විම.
  • වාණිජ නිෂ්පාදනය අසිරු විම හා වියදම අධික විම. 


දෙවනි පරම්පරාවේ පරිගණක ගැන අපි අද කතා කරේ. ඊලග පොස්ට් එකෙන් තුන්වන පරම්පරාවේ පරිගණක ගැන විස්තර කතා කරමු. එහෙනමි හැමෝටම සුබ දවසක්.

                                                  

Wednesday, August 21, 2019

First Genaration (පළමු පරමිපරාව 1944-1954)



සියලු දෙනාටම සුබ දවසක්. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට්වලින් පරිගණක ඉතිහාසය ගැන විස්තර ටිකක් කතා කරා. කලින් කලට බිහි වුණු විවිධ යන්ත්‍ර ගැන අපි කතා කරා. හැබැයි ඒ උපකරණ නැත්නමි යන්ත්‍ර එකකටවත් පරිගණකය කියන්න බෑ. අපි අද කතා කරමු පරිගණකය යැයි කියන්න පුලුවන් උපකරණ බිහි විම ගැන.

                     

                     මේ පරිගණක පරමිපරා 5කට බෙදේනවා. දැන් ඔයාලා බලනවා ඇති පරමිපරාවක් කියන්නේ මොකක් ද කියලා නේ ද? ඔව් පරමිපරාවක් කියන්නේ මින්සුන් අතිතයේ සිට පරමිපරා කිපයක් පසු කරගෙන පැවත එනවා වගේ ම පරිගණක ද දෙවන ලෝක යුද්ධය අවසන් විමත් එක්ක දිර්ඝ දියුණුවක් ලැබු අතර එසේ දියුණු විම අවස්ථා කිපයක් යටතේ සිදු වුනා. ඒ විදිහට පසුකර ගෙන ආ අවස්ථාවන් නැත්නමි අවධින් පරිගණක පරමිපරාවක් ලෙස හදුන්වන්න පුලුවන්. මේ පරමිපරාවන් එකිනෙකින් වෙනස් වන්නේ එහි ඇති ගුණාංග හා තාක්ෂණික ස්වරෑපය අනුවයි. 

                      

                    අද අපි ඒ පරමිපරා 5න් පළවෙනි පරමිපරාව ගැන විස්තර කතා කරමු. 1946 දි වර්ග අඩි 1500ක් පමණ විශාලත්වයෙන් යුතු Vacuum Tube (රික්ත නාල) 18000 පමණ උපයෝගි කර ගනිමින් ENIAC (Electronical Numerical Intergrator And Catculator) නමි පරිගණකය බිහි වුනා. මේ පරිගණකය ටොන් 30 ක් පමණ බර විශාල යන්ත්‍රයක්. මේ යන්ත්‍රය නිපදවිම සදහා මුල් වුනේ J.F Eckert  හා J.W Mapvhlay යන දෙදෙනා. මේ යන්ත්‍රයෙන් එකතු කිරිමි 500 ක් හා වැඩි කිරිමි 850 ක් තත්පරයට කළ හැකි වුනා. මේ යන්ත්‍රයේ යතුරු (switches) 60.000 ක් වු අතර 150 KW ක ශක්තියක් ද වු අතර වතුරින් ශිත කළා.

තව ද 1951 දි UNIVAC (Universal Automatic Computer) නමින් ප්‍රථම ව්‍යාපාරික පරිගණකය වෙළදපොළට එළිදැක් වුවා.

     

අපි දැන් බලමු මේ පළවැනි පරමිපරාවෙි පරිගණකවල වාසි අවාසි 


පළමු පරමිපරාවෙි පරිගණකවල වාසි

  • ඉහත සදහන් කළ යන්ත්‍ර මෙම කාලයේ තිබු වෙිගවත් ම පරිගණක යන්ත්‍රයි.
  • වායු නළ භාවිතා කරන ලද අතර එය එකල පැවති එකම විද්‍යුත් උපකරණය වුනා.            

පළමු පරමිපරාවෙි පරිගණකවල දුර්වලතා නැත්නමි අවාසි
  • සෙමෙන් වැඩ කිරිම හා ධාරිතාවය අඩු යි.     
  • ශක්තිය විශාල ලෙස වැය වෙි.
  • ආයු කාලය අඩු යි.
  • විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය විම.
  • වායු සමිකරණ අත්‍යවශ්‍ය විම.
  • අඛණ්ඩව නඩත්තු කරන්න සිදුවිම.
  • විශ්වාසවන්තභාවය අඩු යි.
  • එහා මෙහා ගෙන යාමෙි අපහසුව.
  • වියදම අධික විම.

                                        පළවැනි පරමිපරාව ගැන විස්තර ගොඩක් අපි දැන් කතා කරා අපි ඊලග පොස්ට් එකෙන් දෙවනි පරමිපරාව ගැන විස්තර කතා කරමු. එහෙනමි හැමෝටම සුබ දවසක්.






Monday, August 12, 2019

Computer History 4 (පරිගණක ඉතිහාසය 4)

ආයුබෝවන් හැමෝටම. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් කතා කරා පරිගණකයේ පියා ලෙස හදුන්වන චාල්ස් බාබේජ් ගැනයි IBM සමාගමේ මුලාරම්භය ගැනයි. මං හිතනවා ඔයාලට මෙි දේවල් මතක ඇති කියලා. හරි කමක් නෑ කොහොම වුනත්.

                                                            අද අපි ඒ ගැන තවත් විස්තර ටිකක් කතා කරමු. 1937 සිට 1944 දක්වා කාලය තුළ දි සිදුරු කාඩිපත් පරිගණකය නැත්නමි චාල්ස් බාබේජ් නිපදවු යන්ත්‍රය ඇමරිකාවේ හාවර්ඩි විශ්ව විද්‍යාලයේ Howard Aiken  (මහාචාර්ය හෝවාඩි අයිකන්) විසින් තම ශිෂ්‍යයින්ගේ සහ IBM සමාගමේ ද සහය ඇති ව තවත් වැඩි දියුණු කරා. චාල්ස් බාබේජ්ගේ මෙි යන්ත්‍රයට පරිගණක මුලධර්ම උපයෝගි වශයෙන් මුල්වරට මෙහි දි යොදා ගත්තා. විද්‍යුත් යාන්ත්‍රික ප්‍රවාහක,අංක ගණිතමය ගණනයන්,යාන්ත්‍රික ප්‍රතිරෝධයන් සදහා ද මෙි යන්ත්‍රය යොදා ගත්තා. මෙි යන්ත්‍රය Mark 1 (මාක් 1) නමින් හැදින් වුනා. මෙි යන්ත්‍රය විශාල විදුලි රැහැන් පද්ධතියක් සහිත වු අතර ම ක්‍රියා කරවිමෙි දි නොයෙකුත් බාධා ඇති වුනා.
                                                              1937 පමණ වන විට දි පළමු ඉලෙක්ට්‍රෝනික පරිගණකය ඇමරිකාවෙි බිහි වුනා. ඇමරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබද මහාචාර්ය (ජෝන් වින්සන්ටි ඇටනසොෆ්ට්)
John Vincent Atanasoft සහ Clifford Berry (ක්ලිෆඩි බෙරි) යන විද්‍යාඥයන් විසින් මෙය සිදු කලා. මෙි යන්ත්‍රයෙන් පළමුවරට රික්ත නාල (vaccum tubes) යොදා ගනිමින් ගණිත කාර්යයන්,දත්ත ගබඩාකරණය,තාර්කාන්විත ක්‍රියාදාමයන් සහ සමගාමි සමිකරණ විසදිමෙි හැකියාව ද ලැබුණා.
 
අදට අපි මෙතනින් නවතිමු. පරිගණක ඉතිහාසය ගැන තවත් විස්තර අපි ඊලග පොස්ට් එකෙන් කතා කරමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.                                        


Wednesday, August 7, 2019

Computer History 3 (පරිගණක ඉතිහාසය 3)

ආයුබෝවන් සියලු දෙනාටම. ඔයාලට මතක ඇති පරිගණක ඉතිහාසය ගැන තොරතුරු ටිකක් අපි කලින් පොස්ට් එකෙන් කතා කරා.


                                            අද අපි පරිගණක ඉතිහාසය ගැන තවත් තොරතුරු ටිකක් කතා කරමු. ක්‍රි.ව 1792 එංගලන්තයේ උපත ලද ඉංග්‍රිසි ජාතික මහාචා්‍රය Charles Babage (චාල්ස් බාබේජ්) අද අප භාවිතා කරන පරිගණකයේ පියා ලෙස හදුන්වන්න පුලුවන්.නුතන පරිගණකයේ නැතිනමි අද අප භාවිත කරන පරිගණකයේ පියා ලෙස සැලකිමට හේතුව වුනේ 1837 දි ඔහු විසින් Analytical Engine (විශ්ලේෂක එන්ජිම) නිපදවිම. නුතන පරිගණකය බිහි විමට එය සුවිශේෂි සන්ධිස්ථානයක් වුනා ඒ නිසා තමා ඔහු නුතන පරිගණකයේ පියා ලෙස හදුන්වන්නේ. 
                              සිදුරු කාඩිපත් උපයෝගි කර ගෙන දත්ත ආදානය (Input) කිරිමෙි හැකියාවත්, මතක ගබඩාවකුත් (Memory), අංක ගණිතමය කා්රයයන් නිරෑපනයත්, ක්‍රම ලේඛන පාලනයත්, ස්වයංක්‍රියව මුද්‍රණ පිටපත් නිකුත් කිරිමත්, දශමස්ථාන 2කට නිවැරදිව ගණිත ක ්රම කිරිමෙි හැකියාවත් මේ යන්ත්‍රයට තිබුණා.
                                            ඊට පස්සේ Herman Hollerith ජන සංගණන කටයුතු කිරිම සදහා බාබේජ්ගේ යන්ත්‍රය යොදා ගත්තා. මෙි නිසා ජන සංගණන ක්‍රියාදාමය ඉතා සා්රථකව හා කා්රයක්ෂමව කිරිමට හැකි වුනා.මේ කා්රයය නිසා මෙම යන්ත්‍රය ඇමරිකාවේ වඩාත් ජනප්‍රිය වුනා වාගේ ම පස්සේ කලෙක වැඩි දියුණු වුනා. 1896 වන විට හෝල්රිත් මෙි යන්ත්‍රය වාණිජ මට්ටමින් විකිණිම සදහා වෙනත් ආයතනයක් සමග එක් වි IBM (International Business Machine Corporation) සමාගම පටන් ගත්තා. අද ලෝකයේ පරිගණක නිපදවන ප්‍රධාන සමාගම වන IBM සමාගමේ මුලාරම්භය මෙකයි. 


     පරිගණක ඉතිහාසය මෙතනින් නවතින් නෑ. පරිගණක ඉතිහාසය ගැන තවත් ගොඩක් විස්තර තියනවා ඔයාලට කියන්න. මෙි වාගේ තවත් පොස්ට් එකකින් ඒ ගැන අපි කතා කරමු.එහෙනමි සුබ දවසක් හැමෝටම. 



Thursday, August 1, 2019

Computer History 2 (පරිගණක ඉතිහාසය 2)

ආයුබෝවන් සියලු දෙනාටම.
කලින් පොස්ට් එකෙන් පරිගණකයේ ඉතිහාසය ගැන තොරතුරු ටිකක් අපි කතා කරා. අද අපි පරිගණක ඉතිහාසයේ තවත් සංධිස්ථානයක් ගැන පොඩිඩක් හොයලා බලමු.


                                                        අපි දෙවනි පොස්ට් එකෙන් කතා කරා ඇබකසය ගැන. මේ ඇබකසයෙන් සරල ගණිතමය ගැටලු පමණක් විසදා ගන්න පුලුවන් කියලා අපි කිවිවා ඔයාලට මතක ඇති. ඇබකසය සරල ගණිතමය ගැටලු පමණක් විසදන උපකරණයක් නිසා මිනිසාගේ අවශ්‍යතාවයන් වැඩිවෙන විට ඊට ගැළපෙන යන්ත්‍රයක් බිහි කිරිමෙි අවශ්‍යතාවය ඇති වුනා. ඊට පස්සේ පෝන් නේපියර් විසින් දඩුචක්‍රය නමින් සංඛ්‍යා ගුණ කිරිම සදහා යන්ත්‍රයක් හදුන්වා දුන්නා. මේ යන්ත්‍රයෙත් විවිධ අඩු පාඩු ඇති වෙන්න පටන් ගත්තා.ඉතිං මෙහෙම යන කොට  1642 බ්ලේස් පැස්කල් ගණනය කිරිම පහසු කිරිම සදහා උපකරණයක් නි්රමාණය කරා. මේ උපකරණය Arithmetic Machine නමි වන අතර මුල්ම යාන්ත්‍රික ගණක යන්ත්‍රය ලෙස ද හදුන්වන්න පුලුවන්.මේ යන්ත්‍රයෙන් විශාල සංඛ්‍යා එකතු කළ හැකි වුනත් බෙදිම හා වැඩි කිරිම යන ගණිත ක ්රම කරන්න බැරි වුනා. 
                                                Arithmetic Machine එකේ පැවති අඩු පාඩු නිසා G.W ලිඩිනිටිස් විසින් සකස් කළ Leidinitz Machine එක නිපදවුවා.  මේ යන්ත්‍රයෙන් එකතු කිරිමි,බෙදිමි හා වැඩි කිරිමි කළ හැකි අතර ඵලදායිතාව ඉතා අඩු මට්ටමක පැවතුනා. ඉතිං මෙි පරිගණක යන්ත්‍රයේ විකාශනය මෙතෙකින් නැවතුනේ නෑ. තව තවත් විවිධ යන්ත්‍රික උපකරණ නිපදවමින් ඉදිරියටම ගෙන ගියා. අද අපි කතා කරපු හැම උපකරණයක් ම තමා අපි අද භාවිතා කරන නවින පරිගණකය බිහිවිමට මුලික අඩිතාලම වුනේ.
 පරිගණක ඉතිහාසය ගැන ඉදිරියට කතා කරන්න තවත් ගොඩක් විස්තර තියනවා .මෙි වගේ තවත් පොස්ට් එකකින් ඉතිරි ටික කතා කරමු. සුබ දවසක් හැමෝටම...!