Wednesday, August 7, 2019

Computer History 3 (පරිගණක ඉතිහාසය 3)

ආයුබෝවන් සියලු දෙනාටම. ඔයාලට මතක ඇති පරිගණක ඉතිහාසය ගැන තොරතුරු ටිකක් අපි කලින් පොස්ට් එකෙන් කතා කරා.


                                            අද අපි පරිගණක ඉතිහාසය ගැන තවත් තොරතුරු ටිකක් කතා කරමු. ක්‍රි.ව 1792 එංගලන්තයේ උපත ලද ඉංග්‍රිසි ජාතික මහාචා්‍රය Charles Babage (චාල්ස් බාබේජ්) අද අප භාවිතා කරන පරිගණකයේ පියා ලෙස හදුන්වන්න පුලුවන්.නුතන පරිගණකයේ නැතිනමි අද අප භාවිත කරන පරිගණකයේ පියා ලෙස සැලකිමට හේතුව වුනේ 1837 දි ඔහු විසින් Analytical Engine (විශ්ලේෂක එන්ජිම) නිපදවිම. නුතන පරිගණකය බිහි විමට එය සුවිශේෂි සන්ධිස්ථානයක් වුනා ඒ නිසා තමා ඔහු නුතන පරිගණකයේ පියා ලෙස හදුන්වන්නේ. 
                              සිදුරු කාඩිපත් උපයෝගි කර ගෙන දත්ත ආදානය (Input) කිරිමෙි හැකියාවත්, මතක ගබඩාවකුත් (Memory), අංක ගණිතමය කා්රයයන් නිරෑපනයත්, ක්‍රම ලේඛන පාලනයත්, ස්වයංක්‍රියව මුද්‍රණ පිටපත් නිකුත් කිරිමත්, දශමස්ථාන 2කට නිවැරදිව ගණිත ක ්රම කිරිමෙි හැකියාවත් මේ යන්ත්‍රයට තිබුණා.
                                            ඊට පස්සේ Herman Hollerith ජන සංගණන කටයුතු කිරිම සදහා බාබේජ්ගේ යන්ත්‍රය යොදා ගත්තා. මෙි නිසා ජන සංගණන ක්‍රියාදාමය ඉතා සා්රථකව හා කා්රයක්ෂමව කිරිමට හැකි වුනා.මේ කා්රයය නිසා මෙම යන්ත්‍රය ඇමරිකාවේ වඩාත් ජනප්‍රිය වුනා වාගේ ම පස්සේ කලෙක වැඩි දියුණු වුනා. 1896 වන විට හෝල්රිත් මෙි යන්ත්‍රය වාණිජ මට්ටමින් විකිණිම සදහා වෙනත් ආයතනයක් සමග එක් වි IBM (International Business Machine Corporation) සමාගම පටන් ගත්තා. අද ලෝකයේ පරිගණක නිපදවන ප්‍රධාන සමාගම වන IBM සමාගමේ මුලාරම්භය මෙකයි. 


     පරිගණක ඉතිහාසය මෙතනින් නවතින් නෑ. පරිගණක ඉතිහාසය ගැන තවත් ගොඩක් විස්තර තියනවා ඔයාලට කියන්න. මෙි වාගේ තවත් පොස්ට් එකකින් ඒ ගැන අපි කතා කරමු.එහෙනමි සුබ දවසක් හැමෝටම. 



No comments:

Post a Comment