Monday, August 26, 2019

Third Generation (තුන්වන පරම්පරාව 1964-1975)


සියලු දෙනාටම සුබ දවසක්. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් දෙවන පරම්පරාවේ පරිගණක ගැන විස්තර කතා කරා.


                                         
                                                    අද අපි කතා කරමු තුන්වන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්. 60 දශකයේ ක්‍රමලේඛන භාවිතයේ දියුණුවත් සමග ම 1964 වර්ෂයේ දැනට අප භාවිත කරන නවීන පරිගණකයේ මුලාරම්භය සිදු වුනා. ඒ වගේ ම සංගෘහිත පරිපථය (Integrated Circuit) සොයා ගැනිම මේ තෙවන පරම්පරාවේ පරිගණක සදහා පාදක වුනා. මෙහි දි ට්‍රාන්සිස්ටර් ක්ෂුද්‍රකෘත කර (ප්‍රමාණයෙන් ඉතා කුඩා කර) සිලිකන් පතුරු තුළ අසුරා භාවිතයට ගැනුනා. මේ මගින් පරිගණකයේ වේගය හා කාර්යක්ෂමතාවය තවත් වැඩි වුනා. ම්ට පෙර පරම්පරාවේ භාවිත කළ Punched cards හා මුද්‍රිතයන් වෙනුවට මෙහි දි පරිශිලකයා යතුරු පුවරුව හා මොනිටරය මගින් පරිගණකය හා යා විම විශේෂිත වුනා. 
                                            පළමුවරට පරිගණක සදහා මෙහෙයුම් පද්ධති භාවිතය ද මේ පරම්පරාවෙන් ආරම්භ වුනා. පෙර පරිගණකවලට වඩා කුඩා හා ලාභ වු නිසා ප්‍රථම වරට බහුතර පිරිසකට පරිගණක ලබා ගත හැකි වුනා. 

අපි දැන් බලමු මේ තුන්වන පරම්පරාවේ පරිගණකවල වාසි අවාසි ටිකක්.   


තුන්වන පරම්පරාවේ පරිගණකවල වාසි.

  • ප්‍රමාණයෙන් කුඩා විම.
  • වඩා විශ්වාසදායක විම.
  • ක්‍රියාත්මක කිරිමේ දි පිටවන උෂ්ණත්වය දෙවන පරම්පරාවට වඩා අඩු විම.
  • ගණනය කිරිමේ වේගය වැඩි විම.
  • පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි විම.
  • පෙර පරම්පරාවන්ට වඩා අඩු බලයක් භාවිතා විම.
  • වාණිජමය නිෂ්පාදනය පහසු විම හා ලාභ දායි විම.


තුන්වන පරම්පරාවේ පරිගණකවල අවාසි. 

  • බොහෝ අවස්ථාවල වායු සමිකරණ අත්‍යවශ්‍ය විම.
  • චිප්ස් (IC) නිපදවිම සදහා උසස් සියුමි තාක්ෂණයක් අවශ්‍ය විම.


තුන්වන පරම්පරාවේ පරිගණක ගැන අපි විස්තර ගොඩක් කතා කරා. ඊලග පොස්ට් එකෙන් කතා කරමු හතරවන පරම්පරාවේ පරිගණක ගැන. එහෙනමි හැමෝටම සුබ දවසක්.

No comments:

Post a Comment