Wednesday, August 21, 2019

First Genaration (පළමු පරමිපරාව 1944-1954)



සියලු දෙනාටම සුබ දවසක්. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට්වලින් පරිගණක ඉතිහාසය ගැන විස්තර ටිකක් කතා කරා. කලින් කලට බිහි වුණු විවිධ යන්ත්‍ර ගැන අපි කතා කරා. හැබැයි ඒ උපකරණ නැත්නමි යන්ත්‍ර එකකටවත් පරිගණකය කියන්න බෑ. අපි අද කතා කරමු පරිගණකය යැයි කියන්න පුලුවන් උපකරණ බිහි විම ගැන.

                     

                     මේ පරිගණක පරමිපරා 5කට බෙදේනවා. දැන් ඔයාලා බලනවා ඇති පරමිපරාවක් කියන්නේ මොකක් ද කියලා නේ ද? ඔව් පරමිපරාවක් කියන්නේ මින්සුන් අතිතයේ සිට පරමිපරා කිපයක් පසු කරගෙන පැවත එනවා වගේ ම පරිගණක ද දෙවන ලෝක යුද්ධය අවසන් විමත් එක්ක දිර්ඝ දියුණුවක් ලැබු අතර එසේ දියුණු විම අවස්ථා කිපයක් යටතේ සිදු වුනා. ඒ විදිහට පසුකර ගෙන ආ අවස්ථාවන් නැත්නමි අවධින් පරිගණක පරමිපරාවක් ලෙස හදුන්වන්න පුලුවන්. මේ පරමිපරාවන් එකිනෙකින් වෙනස් වන්නේ එහි ඇති ගුණාංග හා තාක්ෂණික ස්වරෑපය අනුවයි. 

                      

                    අද අපි ඒ පරමිපරා 5න් පළවෙනි පරමිපරාව ගැන විස්තර කතා කරමු. 1946 දි වර්ග අඩි 1500ක් පමණ විශාලත්වයෙන් යුතු Vacuum Tube (රික්ත නාල) 18000 පමණ උපයෝගි කර ගනිමින් ENIAC (Electronical Numerical Intergrator And Catculator) නමි පරිගණකය බිහි වුනා. මේ පරිගණකය ටොන් 30 ක් පමණ බර විශාල යන්ත්‍රයක්. මේ යන්ත්‍රය නිපදවිම සදහා මුල් වුනේ J.F Eckert  හා J.W Mapvhlay යන දෙදෙනා. මේ යන්ත්‍රයෙන් එකතු කිරිමි 500 ක් හා වැඩි කිරිමි 850 ක් තත්පරයට කළ හැකි වුනා. මේ යන්ත්‍රයේ යතුරු (switches) 60.000 ක් වු අතර 150 KW ක ශක්තියක් ද වු අතර වතුරින් ශිත කළා.

තව ද 1951 දි UNIVAC (Universal Automatic Computer) නමින් ප්‍රථම ව්‍යාපාරික පරිගණකය වෙළදපොළට එළිදැක් වුවා.

     

අපි දැන් බලමු මේ පළවැනි පරමිපරාවෙි පරිගණකවල වාසි අවාසි 


පළමු පරමිපරාවෙි පරිගණකවල වාසි

  • ඉහත සදහන් කළ යන්ත්‍ර මෙම කාලයේ තිබු වෙිගවත් ම පරිගණක යන්ත්‍රයි.
  • වායු නළ භාවිතා කරන ලද අතර එය එකල පැවති එකම විද්‍යුත් උපකරණය වුනා.            

පළමු පරමිපරාවෙි පරිගණකවල දුර්වලතා නැත්නමි අවාසි
  • සෙමෙන් වැඩ කිරිම හා ධාරිතාවය අඩු යි.     
  • ශක්තිය විශාල ලෙස වැය වෙි.
  • ආයු කාලය අඩු යි.
  • විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය විම.
  • වායු සමිකරණ අත්‍යවශ්‍ය විම.
  • අඛණ්ඩව නඩත්තු කරන්න සිදුවිම.
  • විශ්වාසවන්තභාවය අඩු යි.
  • එහා මෙහා ගෙන යාමෙි අපහසුව.
  • වියදම අධික විම.

                                        පළවැනි පරමිපරාව ගැන විස්තර ගොඩක් අපි දැන් කතා කරා අපි ඊලග පොස්ට් එකෙන් දෙවනි පරමිපරාව ගැන විස්තර කතා කරමු. එහෙනමි හැමෝටම සුබ දවසක්.






No comments:

Post a Comment