Wednesday, September 4, 2019

පරිගණකයක කොටස්

ආයුබෝවන් සියලු දෙනාටම.............

අද අපි කතා කරන්නේ පරිගණකයක කොටස් ගැන විස්තර ටිකක්.

පරිගණක පද්ධතිය මුලික කොටස් 03ට බෙදෙනවා. ඒවා තමා,
  • දෘඪාංග (Hardware)
  • මෘදුකාංග (Software)
  • ජිවාංග (Liveware)                                                    
                               පරිගණකයක භෞතික කොටස් දෘඪාංග නමින් හදුන්වනවා. මෘදුකාංග විදිහට හදුන්වන්නේ දෘඪාංග විසින් කළ යුතු දෑ පිළිබද උපදෙස් දෙන හෝ සපයන ක්‍රමලේඛයි. මෙහි ජිවාංග ලෙස හදුන්වන්නේ පරිගණක භාවිතා කරන පරිශිලකයන්. යමි කෙනෙකු පරිගණකය භාවිත කරමින් සිටි නමි ඔහු හෝ ඇය එම මොහොතේ ජිවාංග ලෙස හදුන්වන්න පුලුවන්.
                               දෘඪාංග හා මෘදුකාංගවල අන්‍යෝනය ක්‍රියාකාරිත්වය මත පරිගණක ක්‍රියාත්මක වෙනවා. පරිගණකයක ආවරණය සහ ඒ තුළ ඇති සියලු දෑ ඇතුළත්ව ඔයාලට පෙන සහ ස්පර්ශ කළ හැකි කොටස් දෘඪාංග විදිහට හදුන්වන්න පුලුවන්. මේ දෘඪාංගවල වැදගත්ම කොටස වන්නේ මධ්‍ය සැකසුමි ඒකකය (CPU) නමින් හදුන්වන කොටසයි. මේ කොටස පරිගණකයේ මොළය ලෙසද හදුන්වනවා.
                              පහත ඇති රෑප සටහනෙන් පරිගණක පද්ධතියක ඇති පොදු දෘඪාංග මොනවාද කියලා ඔයාලට හදුනගන්න පුලුවන්. ඔයාලගේ පරිගණක පද්ධතිය තරමක් වෙනස්ව පෙනුනත් එහි ද මේ කොටස් සියල්ලම ඇතුලත් කරලා තියනවා. ඒ වගේ ම ලැප්ටොප් පරිගණකයකට ද මේ කොටස් තිබුණත් ඒවා තනි සටහන් පොතක ප්‍රමාණයේ පැකේජයකට සංයුක්ත කරලා තියෙන්නේ.



 මේ පරිගණක පද්ධතියේ කොටස් එකින් එකට මොනවද කියලා හදුනගමු අපි ඉලග පොස්ට් එකෙන්. හැමෝටම සුබ දවසක්.

No comments:

Post a Comment