ආයුබෝවන් හැමෝටම. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් කතා කරා පරිගණක කොටස් ගැන. අපි එකෙදි පරිගණකයේ කොටස් නමි කරා. අද අපි ඒ නමි කරපු කොටස් එකින් එක කෙටියෙන් හදුන ගමු.
Monitor (තිරය)
රෑපවාහිනි තිරයකට සමානකම් කියන මේ මොනිටරය පරිගණකයේ රෑපමය තොරතුරු මෙන් ම අකුරු වැනි දෑ ඉදිරිපත් කිරිම සිදු කරයි. ඒ වගේ ම මොනිටරය ප්‍රාථමික ප්‍රතිදාන උපාංගයක් (output) ලෙස ද හදුන්වන්න පුලුවන්. මොනිටරය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.
- CRT (Cathode Ray Tube) - කැතෝඩ කිරණ ටියුබය
- Flat Panel - පැතලි තිර
මේ Flat Panel වර්ගය තවත් අනු කොටස් 3ට බෙදෙනවා. ඒවා තමා,
- LCD (Liquid Cristal Display) - මෙයින් සිදුවන්නේ යම් ද්‍රව්‍යයක් උපයෝගි කර ගෙන screen එකෙහි display එක ලබා දිමයි.
- PDP (Plasma Display Panel) - මෙයින් සිදුවන්නේ යම් වායුමය ස්වභාවයක් උපයෝගි කර ගෙන display එක ලබා දිමයි.
- LED (Light Emitting Diode) - මෙයින් සිදුවන්නෙ කුඩා LED යොදා ගෙන display එක ලබා දිමයි. අද වන විට වැඩි වශයෙන් නැත්නම් බහුලව භාවිත වෙන්නේ මෙම LED මොනිටර සහිත පරිගණක යි.
No comments:
Post a Comment