Monday, September 2, 2019

පරිගණක වර්ග

ආයුබෝවන් සියලු දෙනාටම. කලින් පොස්ට් එකෙන් අපි පරිගණක පරම්පරා ගැන විස්තර කතා කරලා ඉවර කරා. හොදයි කලින් පොස්ට්වල පරිගණක පරම්පරා ගැන කතා කරන කොට අපිට හම්බවුන පරිගණකවලට වඩා විවිධ ක්ෂේත්‍රවලින් හැකියාවන් පෙන්වන පරිගණක වර්ග මේ වෙන කොට බිහි වෙලා තියනවා. අද අපි ඒ ගැන විස්තර ටිකක් කතා කරමු.

                                                          සාමාන්‍ය වශයෙන් පරිගණකයක් ඒවායේ මෙහෙයුමි මුලධර්ම අනුව (Principles of Operation), අරමුණු (purpose) හා ප්‍රමාණය හා වේගය (size and speed) අනුව වර්ග කරන්න පුලුවන්. ආරක්ෂාව, ගුවන් යානා සැලසුම්කරණය, කාලගුණ පර්යේෂණ, පරිගණක සජිවිකරණ චිත්‍රපට ආදි විශේෂ ක්ෂේත්‍රවල ඒවාට විශේෂයෙන් ම නිපද වු සාමාන්‍ය පරිගණකයන්ට වඩා ඉහළ හැකියාවන්ගෙන් යුත් පරිගණක තියනවා. ඒවාගේ ම මෝටර් රථ, රෑපවාහිනි, ස්ටීරියෝ පද්ධති, කැල්ක්‍යුලේටර සහ උපකරණ තුළට කාවද්දා ඇති ඉතා කුඩා පරිගණක ද දකින්න පුලුවන්. මේ අතර පෞද්ගලික පරිගණකය (Personal Computer /PC) එක් වරකට එක් පුද්ගලයෙකුට පමණක් භාවිතා කිරිමට හැකිවන සේ සැලසුම් කරලා තියනවා. මේ පෞද්ගලික පරිගණක ඩෙස්ක්ටොප් (desktop), ලැප්ටොප් (laptop) සහ අත් රැදි පරිගණක (palmtop) විදිහට කාණ්ඩ කිපයක් හදුන්වා දෙන්න පුලුවන්. ඔයාලා මේ වෙනකොට මේ පරිගණක ගැන අහලා තියනවා නේද. ලෝකයේ ප්‍රමුඛ පෙලේ පරිගණක නිෂ්පාදන සමාගම වන IBM විසින් IBM-PC යනුවෙන් නමි කළ ලොව ප්‍රථම පෞද්ගලික පරිගණකය හදුන්වා දුන්නා. 
                                                         අපි දැන් බලමු කලින් කතා කරපු මේ පෞද්ගලික පරිගණක වර්ගවල විස්තර ටිකක්.

ඩෙස්ක්ටොප් පරිගණක (Desktop Computer)



                             ඩෙස්ක්ටොප් පරිගණක මෙිසයක් හෝ ඩෙස්කයක් මත තබා භාවිත කරන්න පුලුවන් විදිහට සැලසුමි කරලා තියනවා. සාමාන්‍යයෙන් මේ පරිගණකය වෙනත් පෞද්ගලික පරිගණකවලට වඩා විශාලත්වයෙන් හා බලවත්කමින් වැඩියි. මේ පරිගණක වෙන් වෙන් වශයෙන් පවතින සංරචකවලින් නිර්මාණය වෙලා තියනවා. මෙහි මුලික සංරචකය පද්ධති ඒකකය (system unit) නමින් හදුන්වන අතර සාමාන්‍යයෙන් එය මෙිසයක් යට හෝ මත හෝ තබන සෘජුකෝණාස්‍රාකාර ආවරණයක් සහිත වුවක්. මොනිටරය (monitor), මුසිකය (mouse) සහ යතුරු පුවරුව (key bourd) වැනි වෙනත් සංරචක (device) පද්ධති ඒකකයට සම්බන්ධ කරලා තියනවා. මේ සංරචක ගැන අපි තවත් විස්තර වෙන පොස්ට් එකකින් කතා කරමු.

ලැප්ටොප් පරිගණක (Laptop Computer) 



                             ලැප්ටොප් පරිගණකය සිහින් තිරයක් සහිත බරින් අඩු ජංගම පරිගණකයකි. මෙය ප්‍රමාණයෙන් කුඩා විම නිසා නෝටිබුක් පරිගණක ලෙස ද හදුන්වනවා. ලැප්ටොප් පරිගණක බැටරි මගින් ද ක්‍රියාත්මක කළ හැකි යි. ඒ නිසා මේ පරිගණක ඕනෑම ස්ථානයකට ගෙන යා හැකි යි. ඩෙස්ක්ටොප් පරිගණකය මෙන් නොව ලැප්ටොප් පරිගණකය පද්ධති ඒකකය, තිරය සහ යතුරු පුවරුව එකට සම්බන්ධ කරලා තියෙන්නේ. භාව්ත නොකරන විට තිරය යතුරු පුවරුව මතට හකුළා තියනවා.

අත් රැදි පරිගණකය (Palmtop Computer)  



                            මේ පරිගණකය පෞද්ගලික අංකිත සහයක (PDAS-Personal Digital Assistants) විදිහට ද හදුන්වනවා. මේ පරිගණක බැටරිවලින් බලගැන්වු පරිගණක වන අතර ඕනෑම ස්ථානයකට ගෙන යාමට තරමි ප්‍රමාණයෙන් කුඩා ඒවා වෙනවා. අත් රැදි පරිගණක ඩෙස්ක්ටොප් පරිගණකය හා ලැප්ටොප් පරිගණකය මෙන් වේගවත් නොවුව ද ලිපින සහ දුරකථන අංක ගබඩා කිරිමත් හමුවිමි කාර්යය සටහන් කිරිමට සහ ක්‍රිඩාවල නියැලිමට ප්‍රයෝජනවත් වෙනවා. සමහර පරිගණකවලින් දුරකථනයෙන් ඇමතිම හෝ අන්තර්ජාලයට පිවිසිම වැනි වඩාත් වැඩි දියුණු කළ හැකියාවක් තියනවා. අත් රැදි පරිගණකවල යතුරු පුවරුව වෙනුවට ඔබේ ඇගිල්ල හෝ ඵලක පෑන (පෑනක හැඩයෙන් යුත් යොමු කිරිමේ උපකරණයක්) සමග භාවිත කරන ස්පර්ශක තිර තියනවා.

                                          ඔයාලා අද දැන ගන්න ඇති නේද අපි මෙච්චරකල් පාවිච්චි කරපු පරිගණක වර්ග ගැන විස්තර. එහෙනමි අපි මේ වාගේ තවත් පොස්ට් එකකින් හම්බවෙමු. සුබ දවසක්.

1 comment:

  1. ඉතුරු පරිගණක වල සටහනකුත් දාන්න

    ReplyDelete