Friday, July 26, 2019

පරිගණක ඉතිහාසය

ආයුබෝවන් සියලු දෙනාටම.මෙික තමා අපේ දෙවනි පොස්ට් එක. කලින් පොස්ට් එකෙන් පරිගණකය කියන්නේ මොකක් ද කියලා අපි කතා කරා. 

                       

                                                          හොදයි අද අපි පරිගණක ඉතිහාසය ගැන පොඩිඩක් හොයලා බලමු.      ඇත්තම කිවිවොත් පරිගණකයට ඉතා දි්රඝ ඉතිහාසයක් තියනවා. පරිගණකය සියවස් ගණනාවක ක්‍රමික විකාශනයක ප්‍රතිඵලයක්. පරිගණකයේ මුලාරම්භය සොයන්න නමි මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවදියට යන්න වෙනවා. මිනිසා ගණනය කිරිම පටන් ගත්තේ අතේ ඇගිලි හා කුඩා ගල් කැට ගැනිමෙන්. ඒ වුනාට පහුවෙන කොට මිනිසාගේ දියුණුවත් එක්ක වේගවත් නැත්නමි ඉක්මනින් ගණනය කිරිමෙි ක්‍රමයක් ඕන වුනා. ඔයාලට තේරෙනවානේ අතේ ඇගිලිවලින් ගණන් කරන්න තියන අමාරුව. ඒ හින්දා ම මෙවාගේ ප්‍රතිඵලයක් විදිහට අප අද භාවිතා කරන පරිගණකය නිර්මාණය වුනේ.
                                                                      ඒ වුනාට පරිගණකය නිපදවිමට කලින් ගණනය කිරිමට විවිධ   උපකරණ නි්රමාණය වුනා.   ඒ උපකරණ අතර ක්‍රි.පු 450 දි පමණ චිනයේ නිපද වු ඇබකසය (abacus) මුල් ම ගණනය කිරිමෙි උපකරණය ලෙස හදුන්වා දෙන්න පුලුවන්. මේ උපකරණයෙන් සරල ගණිතමය ගැටලු පමණක් විසදා ගන්න පුලුවන්. ඇබකසය කුඩා දරුවන්ට ගණිතය කියා දිමට අද පාවිච්චි කරන බෝල රාමුවට සමානයි. ඇබකසය තමයි පරිගණකය නි්රමාණය විමට මුලික අඩිතාලම වුනේ. ඕන්න ඔය වාගේ තමයි ටිකෙන් ටික පරිගණකයේ විකාශනය සිද්ද වුනේ.
                                                              

                                 අපි ඉලග පොස්ට්වලින් කතා කරමු කොහොමද ඒ විකාශනය තවත් දුරට සිද්ධ වුනේ කියලා. මෙි වාගේ තවත් පොස්ට් එකකින් අයෙත් හම්බවෙමු.  හැමොටම සුබ දවසක්!  
ඇබකසය
 

No comments:

Post a Comment