Tuesday, November 12, 2019

Main Memory (ප්‍රධාන මතකය)

ප්‍රධාන මතකය (Main Memory)

                               ප්‍රධාන මතකය යනු ශුද්‍රකරණය කළ මුලුමනින්ම ඉලෙක්ට්‍රෝනික කොටසකි. එයින් දත්ත හා ක්‍රමලේඛන උපදෙස් ක්ෂණිකව ඉතා අධික වේගයෙන් ප්‍රවේශ කල හැක. මේ නිසා Main memory එක ක්ෂණික ප්‍රවේශ ආචරණය (Immediate access storageing) යනුවෙන් හදුන්වයි. තවද මෙය Internal Storage හා Primary Storage ලෙස ද හදුන්වයි.
                                                           Memory එකේ දත්ත තැන්පත්වන අයුරු වෙනස් වේ. පරිගණකයට මිනිස් භාෂාව තේරුම් ගත නොහැකි අතර එයට තේරුම් ගත හැකි වන්නේ ද්වීමය කේත පමණි. එනම් 0 - 1   මේවා bit ලෙස හදුන්වන අතර bit 8ක් මගින් එක් අකුරක් නිරූපණය වේ. එය bit - 1 ලෙස හදුන්වන අතර පරිගණකයේ ධාරිතාව මැනිමට මේවා භාවිතා කරයි.

Memory එක ප්‍රධාන කොටස් 02 කි.

  1. Random Access Memory (RAM)
  2. Read Only Memory (ROM)



අපි ඊලග පොස්ට් එකෙන්  මේ RAM, ROM ගැන කතා කරමු.

Monday, November 11, 2019

Central Processing Unite (CPU)

Central Processing Unite (CPU)

                               පරිගණකයක ක්‍රියාවලිය ඉටුකරනු ලබන ප්‍රධානම කොටස මධ්‍ය සැකසුම් ඒකකය යි. මෙය පරිගණකයේ මොළය ලෙස හදුන්වනවා. මේ මගින් තේරැම් ගැනිම, ක්‍රියාකාරිත්වය, සම්බන්ධිකරණය හා සුපරික්ෂණය යන කාර්යයන් ඉටු කරනවා. පරිගණකය ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රයක් බැවින් එයට තේරැම් ගත හැකි වන්නේ ඉලෙක්ට්‍රෝනික සංඥා පමණි. අප විසින් ලබා දෙන දත්ත ඉලෙක්ට්‍රෝනික සංඥා බවට පත් කිරිම CPU  මගින් කරන අතර එය කොටස් 03 කි. ඒවා නම්, 
  • Main Memory - ප්‍රධාන මතකය
  • Automatic and Logical Unite (ALU) - අංක ගණිතමය හා තාර්කික ඒකකය
  • Control Unite (CU) - පාලන ඒකකය


අපි ඊලග පොස්ට් එකෙන් කතා කරමු ප්‍රධාන මතකය (Main Memory) ගැන.

Sunday, November 10, 2019

Hard Ware (දෘඩාංග)

දෘඩාංග (Hard Ware)

                             පරිගණකවල භාවතා වන සියලුම යාන්ත්‍රික කොටස් (ස්පර්ශ කල හැකි) පොදුවේ දෘඩාංග ලෙස හදුන්වන්න පුලුවන්. දෘඩාංග (Hard ware) ලෙස අපට පහසුවෙින්ම හදුන ගන්න පුලුවන් වන කොටස් කිපයක් පහත දැක්වේ.
  • Mother board
  • Hard disk drive
  • Key board
  • Mouse
  • Monitor
  • VGA card






 


දෘඩාංග (Hard wa) ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදා 
දැක්විය හැකි යි.
  1. Central Processing Unite (CPU)
  2. Input Devices (ආදාන උපක්‍රම)
  3. Output Devices (ප්‍රතිදාන උපක්‍රම)
  4. Storing Devices (ආචයන උපක්‍රම)  


ඊලග පොස්ට්  වලින් අපි මේ කොටස් 4 ගැන කතා කරමු. සුබ දවසක්. 


Friday, November 8, 2019

Power Supply Unit (බල සැපයුම් ඒකකය)

බල සැපයුම් ඒකකය (Power Supply Unit)

                              මෙය පරිගණකයට ලබා දෙන ප්‍රධාන ප්‍රත්‍යාවර්ථ විදයුත් ධාරාවයි. AC - Current, DC - Current බවට පරිවර්ථනය කරන පද්ධති ඒකකය තුළ අඩංගු විවිධ උපාංග සදහා අවශ්‍ය විදුලියබලය ලබා දේ. 






Wednesday, November 6, 2019

Hard Disk (දෘඪ තැටි)

දෘඪ තැටි (Hard Disk)

                                   දෘඪ තැටි (Hard Disk) යනු දත්ත ගබඩා කිරීමේ අභ්‍යන්තර උපකරණයකි. පරිගණකයේ ප්‍රධානතම ගබඩා මාධ්‍යය වන්නේ මේ දෘඪ තැටියි. දෘඪ තැටිය පරිගණකය තුළ ස්ථිර ලෙස සවිකර ඇති Disk එකකි. මේ දෘඪ තැටිවල මතකයේ ධාරිතාවය අතිවිශාල වන අතර ඒ තුළ විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කර තබන්න පුලුවන්. වර්තමානයේ භාවිත කරන දෘඪ තැටි ගිගා බයිටි 1 සිට 150 පමණ දක්වා ධාරිතාවයන්ගෙන් දකින්න පුලුවන්.

දෘඪ තැටිය ප්‍රධාන කොටස් 03කට බෙදා වෙන් කරන්න පුලුවන්.

  • Platters
  • Actuator arm
  • Read/ Write Heads

                                පරිගණකයට ඇතුලු කරන දත්ත තැන්පත් වීම සිදුවන්නේ Platters මතයි. Hard Disk එකක ධාරිතාවය මත එහි පවතින Platters ගණන වෙනස් වේ. මේ Platters වල පැති දෙකෙහිම දත්ත ගබඩා කිරිම සිදු කරන්න පුලුවන්.  මේ Platters (තැටි) කියවීම හා ලිවීම සදහා භාවිත කරන Reading හා Writing Heads සමග වායුරෝධක ආවරණයක් තුළ සවිකර ඇත. Reading හා Writing Heads සවි වී ඇත්තේ Actuator arm  නම් කොටසටය. මේ විදිහට තියන එකක් තුළ දත්ත ලිවීම හා කියවීම සිදුවනුයේ චුම්භක කෙෂ්ත්‍රයක් අනුසාරයෙන්. ලිවීම හා කියවීම සදහා චුම්භක කෙෂ්ත්‍රයක් භාවිත කිරිම මගින් ඉතා පහසුවෙන් දත්ත ලිවීම මකා දැමීම සහ ඩිස්කය තුළ නැවත නැවත ඒ මත ලිවිම සිදු කළ හැකිය. 
                                       මුල් කාලයේ  පරිගණක පරිශීලකයන්ට තම දෘඪ තැටිය වසරකට වරක්වත් ලෝ ලෙවල්  ෆෝමැටි එකකට භාජනය කිරිමට සිදුවුනා. ඒ නිසා  සම්පුර්ණ ඩිස්කයේම දත්ත මැකීයෑමක් සිදුවෙනවා.  ඒ වුනත් අදවන විට දෘඪ තැටියේ ධාරිතාවය ඉහළ අගයක් ගැනීම හා  කාර්යක්ෂමතාවයෙන් යුතු බැවින් ලෝ ලෙවල් ෆෝමැටි එකකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ එක්  මෙහෙයුම් පද්ධතියක සිට එයට වෙනස් මෙහෙයුම් පද්ධතියක් පරිගණකය තුළ ස්ථාපිත කිරිම සදහා පමණි.  Hard Disk එකක් ලෝ ලෙවල් ෆෝමැටි එකකට භාජනය කරන වාරයක් පාසා එහි ආයු කාලයේ අඩු වීමක් සිදු වේ. මේ නිසා අත්‍යවශ්‍ය අවස්ථාවක දි මිස Hard Disk එකක්  ලෝ ලෙවල් ෆෝමැටි එකකට භාජනය නොකළ යුතු යි.    
                                      මෙහෙයුම් පද්ධතියක් ඇසුරු කර ගනිමින් දෘඪ තැටියේ  සිදු කරන ෆෝමැටි කිරිම් High Level Format යනුවෙන් හදුන්වනවා. Hard Disk එකක වේගය මනිනු ලබන්නේ විනාඩියකට කැරකෙන වාර ගණන අනුවයි. (RPM - Rotation Per Minute ) 5400 - 7200 RPM අතර වේගයෙන් යුතු Hard Disk  වෙළෙදපොළ තුළ ඇත. ධාරිතාවයෙන් වැඩි දෘඪ තැටියක් කොටස් කිහිපයකට බෙදා පාචිච්චි කිරිමේ හැකියාවක් තියනවා. එය Partition කිරිම ලෙස හදුන්වනවා. එකම දෘඪ තැටිය තුළ C, D, E යනුවෙන් පරිගණකය පරිශීලකයාගේ අවශ්‍යතා මත අවශ්‍ය ප්‍රමාණයක් ලොජිකල් පාටිෂන් (Logical Partition) බෙදා වෙන් කරන්න පුලුවන්. 
                                   නියමිත අයුරින් පරිගණකය ක්‍රියා විරහිත නොකිරිමෙන් විදුලියේ සිදුවන බිද වැටීම් හා වෙනත් හේතු මගින් දෘඪ තැටියට හානි සිදුවිය හැකි යි. ක්‍රියා විරිහිත වු දෘඪ තැටියක පවතින අත්‍යවශ්‍ය දත්ත නැවත ලබා ගැනීම සිදු කරන්න පුලුවන්. ඒ සදහා සේවා සපයනු ලබන ආයතන කිහිපයක් දැනට අපේ රටේ තියනවා.
Hard Disk
               

Tuesday, November 5, 2019

RAM Memory - Random Access Memory (ප්‍රාථමික මතකය)

ප්‍රාථමික මතකය (RAM Memory)

                                 පරිගණකයේ ඇති තාවකාලික මතකය ලෙස මේ ප්‍රාථමික මතකය (RAM - Random Access Memory) හදුන්වන්න පුලුවන්. මතකයෙන් වැඩි ප්‍රමාණයක් RAM වේ. පරිගණකය භාවිත කරන්නා විසින් දෙනු ලබන උපදෙස් සහ දත්ත හා Processor හී ක්‍රියාකාරිත්වය සදහා ඒ ඒ අවස්ථාවන්හි දි අවශ්‍ය වන දත්තයන් ගබඩා කරනු ලබන්නේ මේ තුළයි.
                                                                  මේ RAM එක තුළ දත්ත ගබඩා කර තබා ගත හැක්කේ පරිගණකය ක්‍රියාත්මක වන කාලය තුළ දි පමණයි. විදුලි බලය ඉවත් කළ විට ඒ තුළ ඇති දත්ත මැකී යයි. පරිගණකය තුළ RAM වගේ ම තවත් මතකයක් තියනවා ඒ තමා  ROM - Read Only Memory (කියවිම සදහා වන මතකය) මේ ගැන වැඩි විස්තර අපේ ඊලග පොස්ට්වලින් බලාපොරොත්තු වන්න.    





RAM - Random Access Memory             

















Processor (ප්‍රොසෙසරය)

ප්‍රොසෙසරය (Processor)


                                 පරිගණකයේ වැදගත්ම කොටස ලෙස හදුන්වන්නේ ප්‍රොසෙසරය යි. මේ ප්‍රොසෙසරය පරිගණකයක මෙහෙයුම් සිදුකරනු ලබන නියමුවා ලෙස ද හදුන්වන්න පුලුවන්. ඒ විදිහට හදුන්වන්න හේතුව තමා පරිගණකය විසින් සිදුකරනු ලබන කාර්යයන්ගෙන් වැඩි කොටසකට දායකත්වය සපයනු ලබන්නේ ප්‍රොසෙසරය මගින් විම නිසා වේ. පරිගණක කාණ්ඩය තීරණය වන්නේ ද ප්‍රොසෙසරය අනුවයි. (පෙන්ටියම් 3, පෙන්ටියම් 4, ඇත්ලන් XP ) 
                     ප්‍රොසෙසරය (Processor) යනු තරමක් විශාල තනි චිපයකි. මේ ප්‍රොසෙසරය තාර්කික හැකියාවන් මතක තබා ගැනීමේ හැකියාවන් මෙන්ම ගණිතමය හැකියාවන්ගෙන් ද යුක්තයි. මෙය මව් පුවරුව තුළ මේ සදහාම විශේෂිතව සකස් කර ඇති සොකට්ටුවකට සවි කළ හැකි ලෙස සැලසුම් කරලා තියනවා. නව ප්‍රොසෙසර කෙළින්ම මව් පුවරුව මත සවි නොවන අතර එය ඩෝටර්බෝඩ් යන නමින් හදුන්වන වෙනම පරිපථ පත්‍රයක සවි කරනවා.
                      මේ ප්‍රොසෙසරය ක්‍රියාත්මක වන්නේ පරිගණකය තුළ පිහිටුවා ඇති මෘදුකාංගයන් විසින් සපයනු ලබන උපදෙස් මතයි. යම් වැඩසටහනක් ධාවනය කිරීමත් සමග ම ඒ තුළ ඇති දත්තයන් මෙහෙය විය යුතු ආකාරය පිළිබදව එම වැඩසටහනින් උපදෙස් දෙන විට පරිගණකය තුල ඇති ප්‍රධාන මතකය (Main Memory) තුළින් ලැබෙන දත්ත සැකසීම (උදා- අකුරු වර්ණ කිරිම, විශාල කිරිම ආදී ) සිදුවනුයේ ප්‍රොසෙසරය (Processor) තුළයි. ප්‍රධාන මතකයට අමතරව අධිවේගීව ක්‍රියා කරනු ලබන කෑෂ් නමි මතක විශේෂයක් සමග ද ප්‍රොසෙසරය කටයුතු කරනවා. Cache Memory යනු ප්‍රොසෙසරය හා ප්‍රධාන මතකය අතර  සම්බන්ධතාවය වේගවත් කිරිමටත් ප්‍රොසෙසරය මගින් නැවත නැවත ප්‍රයෝජනයට ගනු ලබන දත්ත ප්‍රොසෙසරය මගින් ඉල්ලා සිටින විට වේගයෙන් ලබා දිමත් සිදු කරන මතක විශේෂයකි.
                         මෙයට අමතරව සෑම ප්‍රොසෙසර (Processor) එකක් තුළම එයට අදාළ ක්‍රියාත්මක වීම් පිළිබදව උපදෙස් අන්තර්ගතව පවතී. 
  • CISC - Complex Instruction Set Computers  මෙම වර්ගය තුළ විශාල උපදෙස් ප්‍රමාණයක් අඩංගු වේ. එහෙත් එම උපදෙස් සියල්ලම ක්‍රියාත්මක නොවේ. ඒ නිසා එම වර්ගයේ කාර්යක්ෂමතාවය අඩු යි.
  • RISC Reduced Instruction Set Computers මෙම වර්ගය තුළ අත්‍යවහ්‍ය උපදෙස් පමණක් අඩංගු වන බැවින් කාර්යක්ෂමතාවය වැඩිය. 

       පරිගණකයක වේගය තීරණය වන්නේ ද මේ ප්‍රොසෙසරයේ වේගය මතයි. ප්‍රොසෙසරයේ ක්‍රියාකාරිත්වය සදහා ලබාදෙන විද්‍යුත් සංඥාවල සංඛ්‍යාතය වැඩි නමි ප්‍රොසෙසරය වේගයෙන් ක්‍රියාත්මක වේ. ප්‍රොසෙසරයේ වේගය යනු ප්‍රොසෙසරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන ස්පන්ද (Clock Pulses) නිකුත් කරන අභ්‍යන්තර ඝඨිකාවේ (Internal Clock) එම ස්පන්ද නිකුත් කිරිමේ සංඛ්‍යාතයයි.
                               1979 දි ඉන්ටෙල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබු Intel  ප්‍රොසෙසර අද වන විට විවිධ මාදිලිවලින් වෙළෙදපොළ තුළ දක්නට පුලුවන්. මේ ප්‍රොසෙසරවලින් ජනප්‍රියත්වයට පත් වි ඇත්තේ Intel සමාගම විසින් නිෂ්පාදනය කළ පෙන්ටියම් (Pentium) පවුලේ ප්‍රොසෙසරයන් ය. 
                           සාමාන්‍යයෙන් ප්‍රොසෙසර දැඩි රත්වීමකට ලක් වේ. උෂ්ණත්වය පාලනය කිරිම සදහා ප්‍රොසෙසරයට ඉහළින් හීට් සින්ක් (Heat Sink) එකක් හා කූලින් ෆෑන් (Cooling Fan) එකක් තියනවා. වායුසමීකරණය කරන ලද කුටිවල දි පරිගණකය වඩා වේගවත් වන්නේ මේ ප්‍රොසෙසරයේ උෂ්ණත්වය ඉහළ යාම පාලනයට ලක් වන බැවිනි.

දැනට භාවිතයේ ඇති ප්‍රොසෙසර වර්ග.
  • Pentium ii,iii,iv
  • AMD K5, K6, K7
  • Cyrix 6x86MX
  • Duron/ Athlon
  • IBM Power PC
  • Digital Alpha

intel processor


 






























































































































































Sunday, November 3, 2019

Mother Board (මව් පුවරුව)

මව් පුවරුව (Mother Board)

                                    මව් පුවරුව පරිගණකයේ ඇති ප්‍රධාන පරිපථය වේ. මේ මව් පුවරුව මේන් බෝඩ්, සිස්ටම් බෝඩ් යන නම්වලින් හදුන්වනවා. පරිගණකයට අදාළ සියලුම උපාංග සවි කරන පරිපථවලින් හා සොකට්වලින් සමන්විත පුවරුවක් තමා මව් පුවරුව කියන්නේ. මේ මව් පුවරුවට සවි කරන ප්‍රොසෙසරය (processor) අනුව මව් පුවරු ප්‍රමාණාත්මකව මෙන්ම තාක්ෂණික වශයෙන් ද එකිනෙකට වෙනස් වෙනවා.
                                                මව් පුවරුවකින් සිදුවන කාර්යය තමා උපකරණයන් අතර ඉලෙක්ට්‍රෝනිකමය ලෙස තොරතුරු හුවමාරු කිරිම නියමිත ආකාරයෙන් පවත්වා ගෙන යාම වේ.  

විවිධ සමාගම්වලින් නිෂ්පාදනය කරන මව් පුවරු වෙළෙදපොළ තුළ තිබුණත් පොදුවේ ගත් කල මව් පුවරුවක් තුල අඩංගු වන කොටස් මෙලෙස වර්ග කළ හැකි යි.
  • විවිධ කාඩ් වර්ග සවි කිරිම සදහා භාවිත කරන ස්ලොට් හෙවත් IS  බස් හා PCI බස්
  •  AGP, AMR ස්ලොට්
  • මෙමරි සොකට්
  • Jumpers (ජම්පර්)  
  • හාඩ් ඩිස්ක්, ෆ්ලොපි ඩිස්ක් ධාවකය හා සී ඩී ධාවකය සවි කිරිම සදහා උපයෝගී කර ගන්නා කනෙක්ටර්ස්
  •  Power Unit සවි කිරිම සදහා උපායා්ගි කර ගන්නා ස්ලොට්
  • ප්‍රින්ටර්ස්, මවුස්, කී බෝඩ් ආදීය සවි කිරිම සදහා උපයෝගි කර ගන්නා කනෙක්ටර්ස්
  •  USB පෝට්
  •  CMOS චිප්ස් හා බැටරිය  




Mother Board








අපි ඊලග පොස්ට් එකෙන් ප්‍රොසෙසරය (Processor) ගැන විස්තර කතා කරමු. සුබ දවසක් හැමෝටම.

Tuesday, October 15, 2019

ක්වන්ටම් පරිගණක

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ නවින පරිගණක පරාජය කරමින් බිහිවි ඇති ක්වන්ටම් පරිගණකය ගැන අලුත් ම තොරතුරු ටිකක්. 

                                     අතීතයේ දිනෙන් දින දියුණු වී පැමිණි තාක්ෂණය පරිගණකය සොයාගැනීමත් සමග නව මාවතකට යොමු වුනා. එසේම නව සිද්ධාන්ත හා නියම සොයාගෙන දිනෙන් දින වඩාත් සරලව පරිසරයේ සිදුවන සිදුවීමි පැහැදිලි කරමින් භෞතික විද්‍යාවද දියුණු වුනා. ඒ වුනත් භෞතික විද්‍යාවද නව මානයකට ගෙනයමින් ක්වන්ටම් භෞතික විද්‍යාව කරලියට පැමිණෙන ලදි. ලෝකය විප්ලවයකට ගෙනගිය ක්ෂේත්‍ර 2ක් වන මේ පරිගණකය හා ක්වන්ටම් භෞතික විද්‍යාවේ නියම එක්කල ක්වන්ටම් පරිගණක ගැන අපි විස්තර ටිකක් කතා කරමු.  
                                                 ලොව බලගතුම පරිගණක මොනවද කියලා ඔයාලගෙන් ඇහුවොත් ඔයාලා කියයි සුපිරි පරිගණක කියලා නේද. ලෝකයේ 2019 වනවිට ඇති හොදම සුපිරි පරිගණකයට තත්පරයට ගණනය කිරිම් 1.5 x 10^18ක් කරන්න පුලුවන්. ඒත් මෙහෙම හිතන්නකෝ සංකිර්ණ රසායනික ප්‍රතික්‍රියාවක ඇති සංයෝගවල එක් පරමාණුවක් හෝ අඩු වැඩිවීම මත ප්‍රතිඵල අනන්ත සංඛ්‍යාවක් ඇති වෙන්න පුලුවන්. අපිට අවශ්‍ය නිවැරදිම ප්‍රතිඵලය ලබා ගැනිමට මේ අවස්ථා අනන්ත සංඛ්‍යාවම අපිට ගණනය කරන්න සිද්ද වෙනවා. තත්පරයට ඉහත ප්‍රමාණයක් ගණනය කළද අනන්ත ප්‍රමාණයක් ගණනය කිරිමේදි සුපිරි පරිගණකයටද දැවැන්ත කාලයක් ගත වෙනවා. මෙය සුපිරි පරිගණකයද පරාජය කරවන අවස්ථාවක්. ඒ නිසා විද්‍යාඥයින්ට තවත් විකල්ප විසදුමි වෙත යන්න සිදු වෙනවා.
                                                     අප දැන් භාවිතා කරන පරිගණකවල processors තනා ඇත්තේ ට්‍රාන්සිස්ටර මගින්. ඉතා කුඩා නැනෝ මීටර ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර විශාල ප්‍රමාණයක් අඩංගු කරවමින් මේ පරිගණක විශාල ගණනය කිරීම් ප්‍රමාණයක් එකවර සිදු කරනවා. මේ ට්‍රාන්සිස්ටර්වල දත්ත ගමන් කරන්නේ බීටු වශයෙන්. එනමි 1 හා 0 වශයෙන්. එවිට මේ පරිගණකයකට මේ ගණනය කිරීමක් සිදු කිරීමේ දී ඊට අදාළ සියලු විය හැකියාවන් එකින් එක පරීක්ෂා කිරීමට සිදුවෙනවා. උදාහරණ ලෙස ඔබගේ FB ගිණුමේ මුරපදය සලකන්න. එය ඉංග්‍රිසි අකුරු 15කින් සමන්විත නමි ඉංග්‍රිසි හෝඩියේ අකුරු 26 මේ අකුරු 15 අතර පිහිටිය හැකි අවස්ථා ගණන ක්‍රමාරෝපිත (ක්‍රමාරෝපිත යනු Factorial නමින් ඉංග්‍රිසියෙන් හදුන්වන ! ලකුණෙන් නිරූපණය කරන ගණිතමය ක්‍රමයකි ) මගින් සොයා එම සෑම අවස්ථාවක්ම සාදමින් එකින් එක ඔබේ මුරපදය දැයි පරීක්ෂා කිරීමට සිදුවෙනවා නේද. ඒ නිසා සාමාන්‍ය පරිගණකයකට දැවැන්ත කාලයක් ඒ සදහා ගතවෙනවා.
                                                       ක්වන්ටම් පරිගණකය බිහිවන්නේ ඉහත අඩුපාඩු මගහැරීම සදහා යි. සාමාන්‍ය පරිගණකයක bit මෙන් ම මේ ක්වන්ටම් පරිගණකයක ඇත්තේ qbit වේ. ට්‍රාන්සිස්ටර් වෙනුවට මේ ක්වන්ටම් පරිගණකයකට දත්ත සැකසීම සදහා ඉලෙක්ට්‍රෝන යොදා ගැනේ. මෙි qbit වලටද 1 හා 0 ලෙස අවස්ථා දෙකක් තියනවා. ඊට අමතරව යමි අවස්ථාවකදී මේ qbit වලට එක් අවස්ථාවකදී 1 හා 0 යන අවස්ථා දෙකම එක්වරකදී ලබා ගන්න පුලුවන්. එය මෙසේ තේරුමි ගමු. ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය ලැබුණු විට එය ඉහළට හා පහළට දගකැවෙමින් චලනය වෙනවා. මෙය පැහැදිලි කරන්නේ Magnetoelectonics නමි විෂය පථයේදී යි. මේ දගකැවීමෙිදී ඉලෙක්ට්‍රෝනවල ධ්‍රැව 2ක් ඇතිවන අතර මේ ධ්‍රැව දෙක 1 හා 0 ලෙස දත්ත වලින් අර්ථ දක්වනවා. ඒ වුනත් මෙය කැරකෙන බැවින් යමි අවස්ථාවලදී 1 හා 0 අතරමැදී අවස්ථාවක් ද හමු වෙනවා. මේ අවස්ථාවෙිදී ඉලෙක්ට්‍රෝනයට 1 හා 0 දෙකම එක්විට නිරූපණය කිරීමට හැකි වෙනවා.  
                                                      සාමාන්‍ය ට්‍රාන්සිස්ටරයකට එක් වරකට නිරූපණය කළ හැක්කේ 1 හෝ 0 පමණ යි. එවිට ගණනය කිරීමකදී සෑම බිටුවකටම එක් ට්‍රාන්සිස්ටරයක් අවශ්‍ය වෙනවා. ඒ වුනත් මේ qbit මගින් 1 හා 0 එකවර නිරූපණය කළ හැකි නිසා අඩු qbit සංඛ්‍යාවකින් වැඩි ගණනය කිරීමි ප්‍රමාණයක් එකවර සිදුකළ හැකි යි. ඒ අනුව qbit 30ක පරිගණකයක් ගැන සිතන්න. මේ පරිගණකයට ගණනය කිරීමි ට්‍රිලියනයක් තත්පරයක් තුළ සිදුකළ හැකි යි. අනෙක් විශේෂත්වය නමි මේ පරිගණකයකට යමි කේතයක් බිදීමට ලබා දුන්නේ යැයි සිතන්න. එවිට සාමාන්‍ය පරිගණක සිදුවිය හැකි විය හැකියාවන් එකෙන් එක පරික්ෂා කරන විට මේ ක්වන්ටම් පරිගණක එකවරකට සිදුවිය හැකි සියලු විය හැකියාවන් පරික්ෂා කරනවා. එවිට සාමාන්‍ය සුපිරි පරිගණක අපොහොසත් වන ගණනය කිරීමි සිදු කිරීමට මේ පරිගණකවලට හැකියාව තියනවා.  
                                                     ඒ වුනත් ඉලෙක්ට්‍රෝන තාප ශක්තිය ලැබුණු විට චාලක ශක්තිය වැඩි කර ගනි යි. එවිට ක්වන්ටම් පරිගණකවලින් ලැබෙන දත්ත දෝෂ සහිත වෙි. මෙය මගහැරීමට ක්වන්ටම් පරිගණකවල Processor ක්‍රියා කරන්නේ ඉතාමත් අඩු උෂ්ණත්ව යටතේ දී යි. ඒ නිසා ප්‍රථමයෙන්ම මේ Processor එක වටා රික්තකයක් නිර්මාණය කරනවා. පසුව දියර නයිට්‍රජන් යොදා ගනිමින් මේ processor අවට උෂ්ණත්වය කෙල්වින් 0.015 තරමි කුඩා අගයකට අඩුකරයි. එය නිරපේක්ෂ ශුන්‍යට අතිශයින් ආසන්න අගයකි. මේ Processor අසල දත්ත ගමනාගමනයට හා අවශ්‍ය විදුලි බලය ගමන් කිරීමට අවශ්‍ය රැහැන් සකසා ඇත්තේ niobium වලින්. ඒවා මේ උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය රහිත සුපිරි සන්නායක බවට ද පත්වෙි. මේ අඩු උෂ්ණත්වය නිසාම මේ processor ක්‍රියාකිරීමට කිසිදු විදුලි බලයක් අවශ්‍ය නොවේ. විදුලි බලය අවශ්‍ය මෙහි එකම පද්ධතිය වන්නේ ද්‍රව නයිට්‍රජන් සිසිලන පද්ධතිය පමණ යි.
                                                       මෙලෙස උෂ්ණත්වය නිසා ඇතිවන ගැටලු විසදා ගත්තද තවත් ගැටලු රාශියක් තියනවා. එක් ගැටලුවක් නමි මේ ඉලෙක්ට්‍රෝන සෑම අවස්ථාවකම චලනය වෙමින් පවතින නිසා යමි නිශ්චිත අවස්ථාවකට ඉලෙක්ට්‍රෝනයක පිහිටීම හා අවස්ථාව (1 හෝ 0 බව) පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි වීම යි. මේ සදහා විද්‍යාඥයින් සමිභාවිතාවය භාවිතා කරනවා. ඒ අනුව යමි අවස්ථාවකදී ඉලෙක්ට්‍රෝනය පිහිටා ඇති ස්ථානය අනුමාන කිරීමක් සිදු කරයි. දැනටමත් මෙවැනි පරිගණක නිමවා ඇති අතර D - wave නැමැති සමාගමක් විසින් දැනටම qbit 2000ක බලයක් ඇති පරිගණකයක් නිමවා අවසන්. නමුත් මේවා සාමාන්‍ය භාවිතයට ගැනිම තේරුමක් නෑ. මේවාට විශේෂ වු කාර්යයන් අපි දැන් විමසා බලමු.
                                                             මේ ක්වන්ටම් පරිගණක යොදාගත හැක්කේ එක්තරා විශේෂ ගැටලු විසදීමට පමණ යි. එනමි විසදුමි අනන්ත සංඛ්‍යාවක් ඇති ගැටලු අතරින් හොදම විසදුම තොරා ගැනීමට මේ පරිගණක උපකාරි වෙනවා. මෙය ව්‍යාපාර ක්ෂේත්‍රයට, වෛද්‍ය ක්ෂේත්‍රයට, ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙන්ම කාලගුණ අනාවැකි ආදිය පැවසිමටත් යොදා ගත හැකි යි. මෙසේ සිතන්න අනාගතයේ ස්වයං ධාවනය වන රථ ලෝකය පුරාම ව්‍යාප්ත වනු ඇත. එක් ක්වන්ටම් පාලන පද්ධතියක් මගින් මේ වාහන වලට ගමනාන්තයට යාමට අවශ්‍ය තදබදය අවම මාර්ගය එක්වරම සොයාදෙමින් රථවාහන තදබදය අවම කරනු ඇත. දැනට google map මගින් මාර්ග නිර්දේශ කරන්නේ යා හැකි සියලු මාර්ග එකින් එක පරික්ෂා කිරීමෙන් අනතුරුවය. එලෙස විශාල පද්ධතියක් පාලනය අපහසු නිසා අනාගතයේ එම ප්‍රශ්නද නිරවුල් වනු ඇත.
                                                                ආයුර්වෙිද වෛද්‍ය විද්‍යාවෙිදී බටහිර වෛද්‍ය ක්‍රමයට සුව කළ නොහැකි ඇතැමි ලෙඩ සුවකරන අවස්ථා දකින්න පුලුවන්. මේ සියල්ලම සිදු කරන්නේ ශාකයක ඇති යමි සංයෝගයක් මගින්. ශාකයේ ඇති සියලු සංයෝග අනාගතයේ ක්වන්ටම් පරිගණකයක් වෙත ලබාදුන් විට අදාළ රෝගය සුවකිරීමට අදාළ සියලු අවස්ථා පරිගණකය විසින් පරික්ෂා කර අපට අවශ්‍ය නිවැරදිම සංයෝගය පමණක් ලබාදෙනු ඇත. තවද ඔබේ ව්‍යාපාරයේ දත්ත සියල්ල මේ පරිගණකයකට ලබාදුන් විට අනන්ත වු ලාභ ඉපයීමෙි ක්‍රම අතුරින් වඩාත්ම ඵලදායි හා දිර්ඝ කාලීන ක්‍රමය තෝරා දෙනු ඇත. මෙවන් තවත් නොකී වාසි රාශියක් අනාගතයේ මේ ක්වන්ටම් පරිගණක භාවිතයෙන් අපට ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙමගින් රෝගවලට නව ප්‍රතිකාර ක්‍රම මෙන්ම ව්‍යාපාර විශාල ලාභ ලබන ඒවා බවට පත් කිරීමටද හැකිවනු ඇත.
                                                                    මේ ක්වන්ටම් පරිගණකවල වාසි මෙන්ම අවාසිද ඇත මුලිකම අවාසිය මේ පරිගණක තැනීමට යන අධික වියදම යි. එලෙසම මේ පරිගණක වාණිජ භාවිතයට පැමිණි විගස දැනට ලෝකයේ පවතින අංකිත ආරක්ෂණ ක්‍රම සියල්ල බිද වැටෙනු ඇත. දැනට පරිගණක මගින් කේත එකින් එක පරික්ෂා කරන බැවින් විශාල කේත බිදීමට අවුරුදු දහස් ගණනක් ගත උවද මේ ක්වන්ටම් පරිගණක විසදුමි අනන්ත සංඛ්‍යාව අතුරින් ගැලපෙන කේතය තත්පර ගණනකින් ලබා දෙනු ඇත. එවිට ඔබේ මුදල් ගණුදෙනු කේත න්‍යෂ්ටික කේත ආදි සියල්ල ඵල රහිත වනු ඇත. තවද අනාගතයේ මේ පරිගණකවලට කෘතිම බුද්ධිය ලබාදුනහොත් තමා ක්‍රියා කලයුතු ආකාරය තමාම සොයාගනිමින් මිනිසාට විරුද්ධව ක්‍රියාත්මක වීමටද යමි සමිභාවිතාවයක් ඇත. එයත් ක්‍රම අනාන්ත ප්‍රමාණයක් අතුරින් මිනිසාට නැවැත්වීමට අපහසුම ආකාරය පරිගණකය විසින්ම සොයාගනු ඇත. 
                                                     නාසා ආයතනය, ගුගල් සමාගම වැනි ආයතන දැනටමත් යමිතාක් ප්‍රමාණයකට මේ ක්වන්ටම් පරිගණක යොදාගෙන ගණනය කිරීම් සිදු කරයි. මේ නිසා අනාගතයේදී අභ්‍යවකාශයේ යමි ස්ථානවලට මිනිසුන් යැවීමේ අනාන්ත වු ක්‍රම අතරින් උචිතම ක්‍රමය මේ පරිගණක සොයා දෙනු ඇත. එලෙසම පරිගණක අතර ඇතිවන අන්තර්ජාල තදබදය අවම කරමින් පරිගණක අවශ්‍ය මාර්ගයට කෙටිම කාලයකදී යොමු කරමින් මේ පරිගණක ගුගල් සමාගමටද සහය වනු ඇත. විද්‍යාඥයින් පවසන පරිදි මේ ක්‍රමය අනාගතයේ සාර්ථක වුවහොත් එය පරිගණක තාක්ෂණයේ හිණිපෙත්තටම ගොස් ඇති අවස්ථාව ලෙස අර්ථ දැක්වීමට හැකිවනු ඇත. 
                                                    මෑතකදී කළ සොයාබැලීමකදී හමුවු පරිදි පසුගිය සතියේදී ගුගල් සමාගම ඔවුන්ගේ ක්වන්ටම් පරිගණක භාවිතයෙන් ගණිත ගැටලුවක් විසදා ඇත. විශේෂත්වය නමි මේ ගැටලුව විසදීමට දැනට ලෝකයේ ඇති හොදම සුපිරි පරිගණකයට ලබාදුන්නද වසර 10000ක් ඊට ගතවීමයි. ක්වන්ටම් පරිගණකය එම සුපිරි පරිගණකයට වඩා බිලියන වාරයක් ඉක්මනින් මේ ගැටලුව විසදා ඇත. ඒ අනුව ප්‍රථම වතාවට සුපිරි පරිගණක පරාජයට පත්කරමින් ක්වන්ටම් පරිගණක තම ආධිපත්‍ය තහවුරු තරගෙන ඇත. යහපත් ලෙස මේ ක්වන්ටම් පරිගණක තාක්ෂණය භාවිතා කලහොත් මානව අනාගතය උඩුයටිකුරු වනු ස්ථිරය.
                                                                                                


 මේ පොස්ට් එකෙන් ඔයාලා ගොඩක් අලුත් විස්තර දැනගන්න ඇති කියලා හිතනවා. හොදයි අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්.

Sunday, October 6, 2019

System Unit (පද්ධති ඒකකය)

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ System Unit (පද්ධති ඒකකය) ගැන විස්තර ටිකක්.

                                                           පද්ධති ඒකකය පරිගණකයේ ඇති ප්‍රධානතම ඒකක කොටස ලෙස හදුන්වන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් පද්ධති ඒකක වර්ග විදිහට ටවර් මොඩල් (Tower Model) සහ ඩෙසක්ටොප් මොඩල් (Desktop Model) වශයෙන් ආකාර දෙකක් තියනව. පරිගණකයේ ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය වන ඉතා වැදගත් කොටස් මෙහි අන්තර්ගත වන අතර පරිගණකයට බාහිරින් සම්බන්ධ කරනු ලබන සියලුම උපාංග සම්බන්ධ වනුයේ මේ පද්ධති ඒකකයට යි. සාමාන්‍ය පරිගණකය මුලික වශයෙන් පහත සදහන් කොටස් අන්තර් ගත වේ.
  • මව් පුවරුව (Mother board)
  • ප්‍රොසෙසරය (Processor)
  • ප්‍රාථමික මතකය (RAM - Memory)
  • හාර්ඩ් ඩිස්කය (Hard Disk)
  • බල සැපයුම් ඒකකය (Power Suppiy Unit)      
මීට අමතරව විවිධ වු ඉලෙක්ට්‍රෝනික කොටස් අවශ්‍යතාවය අනුව පද්ධති ඒකකයට සම්බන්ධ කරන්න පුලුවන්.

පද්ධති ඒකකයේ පසුපස පෙනුම


























 
පද්ධති ඒකකයේ ඉදිරි පෙනුම







 අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්.





Tuesday, September 24, 2019

printer (මුද්‍රකය)

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ මුද්‍රකය (printer) ගැන විස්තර ටිකක්.  

                                          පරිගණකයක ගබඩා වී ඇති ලේඛන, රූප සටහන්, චිත්‍ර ආදී දෑ මුද්‍රිත මාධ්‍යයෙන් ලබා ගැනිමට මුද්‍රකය භාවිත කරයි. පරිගණක සමග භාවිත කරන මුද්‍රක වර්ග කිහිපයක් හදුනා ගන්න පුලුවන්. ඒවා තමා, 
  • තිත් න්‍යාස මුද්‍රකය (Dot matrix printer) - මෙය මිලෙන් අඩු වුවද පිටපත් ලබා දීමේ වේගය අඩුයි. ඒවාගේ ම ශබ්දයක් නගයි.
  • ඉන්ක්ජෙට් මුද්‍රකය (Inkjet printer) - මෙය වැඩි මිලක් නොවුවද උසස් තත්වයේ පිටපත් ලබා ගැනීමට විශේෂිත කඩදාසි භාවිතා කළ යුතු වේ.
  • ලේසර් මුද්‍රකය (Laser printer) - මෙය මිල වැඩි වුවද ලබා ගන්නා පිටපත් සදහා යන වියදම අඩුයි. ඒවාගේ ම එය වේගවත්.
Dot matrix printer
Inkjet printer
Laser printer
                                         

හොදයි අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්.