Tuesday, September 24, 2019

printer (මුද්‍රකය)

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ මුද්‍රකය (printer) ගැන විස්තර ටිකක්.  

                                          පරිගණකයක ගබඩා වී ඇති ලේඛන, රූප සටහන්, චිත්‍ර ආදී දෑ මුද්‍රිත මාධ්‍යයෙන් ලබා ගැනිමට මුද්‍රකය භාවිත කරයි. පරිගණක සමග භාවිත කරන මුද්‍රක වර්ග කිහිපයක් හදුනා ගන්න පුලුවන්. ඒවා තමා, 
  • තිත් න්‍යාස මුද්‍රකය (Dot matrix printer) - මෙය මිලෙන් අඩු වුවද පිටපත් ලබා දීමේ වේගය අඩුයි. ඒවාගේ ම ශබ්දයක් නගයි.
  • ඉන්ක්ජෙට් මුද්‍රකය (Inkjet printer) - මෙය වැඩි මිලක් නොවුවද උසස් තත්වයේ පිටපත් ලබා ගැනීමට විශේෂිත කඩදාසි භාවිතා කළ යුතු වේ.
  • ලේසර් මුද්‍රකය (Laser printer) - මෙය මිල වැඩි වුවද ලබා ගන්නා පිටපත් සදහා යන වියදම අඩුයි. ඒවාගේ ම එය වේගවත්.
Dot matrix printer
Inkjet printer
Laser printer
                                         

හොදයි අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්. 


Sunday, September 22, 2019

Spekers (ස්පීකර)

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ  Spekers ගැන විස්තර ටිකක්. 

                                              මෙය පරිගණකයෙන් ශබ්ද ආකාරයට යම් සංඥාවක් හෝ සංගීතයක් වැනි හඩක් පරිගණක පරිශිලකයාට ඇසීමට සලස්වන උපකරණය යි. මෙය output devices එකක් ලෙසද හදුන්වන්න පුලුවන්. වෙනස් ආකාරයේ ස්පීකර් වර්ග අවශ්‍යතාවය අනුව භාවිතයට ගනි. හෙඩිෆෝන් එක (headphone) ස්පීකරයේ තවත් ආකාරයක්. අන්තර්ජාලය ඔස්සේ කථා කිරිමට වැනි කාර්යයන් සදහා පරිගණක පරිශිලකයාට පමණක් ශබ්දය ඇසෙන ආකාරයට මෙම උපකරණය භාව්ත කරන්න පුලුවන්.

               

එහෙනම් අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්. 

   

Friday, September 20, 2019

Mouse (මුසිකය)

ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ Mouse (මුසිකය) එක ගැන විස්තර ටිකක්. 

                                          මුසිකය යතුරුපුවරුවට අමතරව දත්ත ඇතුලත් කිරිමට භාවිතා කරන මිලග උපාංගය යි. X-Y ඛංඩාංක ලක්ෂයන් උපයෝගි කර ගෙන මුසිකයේ ඊ හිසෙහි චලනය දිස්වන ආකාරයේ ක්‍රමයක් ආධාරයෙන් මේ උපාංගය නිර්මාණය කරලා තියනවා. මුසිකයේ යට කොටසෙහි ඇති පරිපථයේ අඩංගු ආලෝක සංවෙිදි උපාංග උපයෝගි කරගෙන මුසිකයේ චලනයට අනුරෑප පිහිටිම මොනිටර තිරයේ දිස්වේ. හැඩයෙන් හා විශාලත්වයෙන් වෙනස් වන විවිධ Mouse වර්ග වර්තමානයේ දි දැක ගන්න පුලුවන්. ඒවාගේ ක්‍රියාකාරිත්වය අනුව විවිධ Mouse වර්ග හදුනා ගන්න පුලුවන්.


මුසිකයේ කොටස් හදුනා ගනිමු.


  • ක්ලික් (click) කිරීම - තිරය මත ඇති යමක් තෝරා ගැනිමට මවුසයේ වම්පස ඇති බොත්තම ඉක්මනින් හා මෘදු ලෙස තද කල විට (click) තිරය මත පෙන්වන දෙය මතුකර පෙන්වා එය තෝරාගත් බව (Highlighted) පෙන්වයි.
  • දකුණු පස බොත්තම ක්ලික් කිරීම (Right Click) - තිරය මත තෝරා ගත් අයිකනය හෝ ප්‍රදේශයට සම්බන්ධ විධාන දකුණු පස බොත්තම ක්ලික් කිරීමෙන් drop down මෙනුවක් ලෙස ලබා දෙයි.
  • දෙවරක් ක්ලික් කිරීම (Double Click) - තෝරාගත් අයිකන් එකක් මතට mouse arrow එක තබා වම් පස බොත්තම ක්ෂණිකව දෙවරක් click කිරිම.
  • ඇදගෙන යාම ( Drop) - තිරය මත ඇති යමක් එහා මෙහා කිරීමට හෝ ප්‍රමාණය වෙනස් කිරීමට මුසික දර්ශකය ඒ මත තබා වම් පස ඇති බොත්තම තද තර ගෙන මුසිකය තබා ඇති ස්ථානය (mouse pad) මත ඇදගෙන යා යුතු යි.  
  • රෝද බොත්තම (Wheel Button) - තනි තිරයේ ප්‍රමාණයට වඩා දිගු ලේඛන ඇති විට (පිටු කිහිපයකින්) වෙනත් අවශ්‍ය පිටුවක් කරා වේගයෙන් පෙරලාගෙන යාම වැනි කටයුතුවලට මෙය ප්‍රයෝජනවත් වේ.  

අද අපි mouse එක ගැන විස්තර ටිකක් කතා කරා. අපි ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්.

Monday, September 16, 2019

Keyboard (යතුරු පුවරුව)

ආයුබෝවන් හැමෝටම. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් කතා කරා Monitor එක ගැන. අද අපි කතා කරන්නේ Keyboard  (යතුරු පුවරුව) එක ගැන විස්තර ටිකක්.

                                                 අක්ෂර, අංක, සංකේත සහ විධාන පරිගණක පද්ධතියට ආදානය කිරිම සදහා යතුරු පුවරුව යොදා ගනි. එමෙන්ම මෙය පරිගණකයට ප්‍රාථිමික දත්ත ඇතුලත් කිරිම (input) මෙන්ම විධාන ඇතුලත් කරන ප්‍රධාන උපාංගය ලෙස යතුරු පුවරුව හදුන්වන්න පුලුවන්. මේ යතුරු පුවරුව සාමාන්‍ය යතුරුලියනයේ (Typewriter) යතුරු පිහිටිමට සමාන ආකාරයට වන අතර මිට අමතරව අතිරේක වෙනත් යතුරු විවිධ වු කාර්යයන් සදහා යොදා ගෙන තියනවා. වර්තමානයේ විවිධ හැඩයේ සහ විශාලත්වයෙන් යුක්ත යතුරු පුවරු භාවිතයට ගන්නවා. ඒ වාගේ ම ඒවායේ වෙනස් ප්‍රමාණයෙන් අතිරේක යතුරු පවතිනවා.




                                                               යතුරු පුවරුව පද්ධති ඒකකයට (system unit) වයරයකින් (with a wire) හෝ වයරයක් රහිතව (wireless) සම්බන්ධ වේ. වයරයක් සහිත සම්බන්ධ විමේ දි DIN-5, PS/2 හෝ USB ආකාරයේ සම්බන්ධතාවයකින් සම්බන්ධ වේ.


 

Parts of a Keyboard

                        යතුරු පුවරුව සැකසි ඇති ආකාරය සහ එහි කොටස් ගැන විස්තර ටිකක් දැන් කතා කරමු. යතුරු පුවරුවක ඇති යතුරු ආකාර 04කින් යුක්ත වේ. ඒවා නම්,

  1. ටයිප් කරන යතුරු (Typing keys)
  2. අංකමය යතුරු පුවරුව (Numeric key pad)
  3. ක්‍රියාකාරි යතුරු (Function keys)
  4. පාලන යතුරු  (Control keys)
  • පාඨ යතුරු ලියනය කිරිම සදහා ටයිප් කරන යතුරු (A........Z) භාවිතයට ගනි.
  • ගණිතමය දත්ත ඇතුලත් කිරිම සදහා අංකමය යතුරු කොටස භාවිත කරයි.
  • අංක සහ කාරක (operators) අඩංගු අංකමය යතුරු කොටස සාමාන්‍යයෙන් යතුරු 17කින් සමන්විතයි.
  • ක්‍රියාකාරි යතුරු (F1-F12) මගින් පරිගණකයේ මෙහෙයුමි පද්ධතියට (operating) විධි විධාන පැවරිමට හැකි යි. මෙවා යතුරු පුවරුවේ ඉහළ කෙළවරේ එක පෙලට පිහිටා ඇත. නිදසුන් ලෙස F1 මගින් කළ හැකි වන්නේ යමි මෘදුකාංගයක help එක (උපකාරක සේවාවන්) ලබා ගැනිම සදහා භාවිතා කරයි. F2 මගින් යමි file එකක් හෝ fold එකක නම වෙනස් කිරිමට හැකි යි.
  • පාලන යතුරු මගින් කර්සරය (curser) හා තිරයේ (screen) ඇති යමි යමි දේ පාලනය කිරිමට හැකි යි.


  අද අපි Keyboard එක ගැන විස්තර ටිකක් කතා කරා. අපි ඊලග පොස්ට් එකෙන් කතා කරමු  Mouse (මුසිකය) එක ගැන. එහෙනමි සුබ දවසක්.  

Monday, September 9, 2019

Monitor (තිරය)

ආයුබෝවන් හැමෝටම. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් කතා කරා පරිගණක කොටස් ගැන. අපි එකෙදි පරිගණකයේ කොටස් නමි කරා. අද අපි ඒ නමි කරපු කොටස් එකින් එක කෙටියෙන් හදුන ගමු.

Monitor (තිරය)

                              රෑපවාහිනි තිරයකට සමානකම් කියන මේ මොනිටරය පරිගණකයේ රෑපමය තොරතුරු මෙන් ම අකුරු වැනි දෑ ඉදිරිපත් කිරිම සිදු කරයි. ඒ වගේ ම මොනිටරය ප්‍රාථමික ප්‍රතිදාන උපාංගයක් (output) ලෙස ද හදුන්වන්න පුලුවන්. මොනිටරය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.
  1. CRT (Cathode Ray Tube) - කැතෝඩ කිරණ ටියුබය
  2. Flat Panel - පැතලි තිර        
                    මේ Flat Panel වර්ගය තවත් අනු කොටස් 3ට බෙදෙනවා. ඒවා තමා,
  • LCD (Liquid Cristal Display) - මෙයින් සිදුවන්නේ යම් ද්‍රව්‍යයක් උපයෝගි කර ගෙන screen එකෙහි display එක ලබා දිමයි.
  • PDP (Plasma Display Panel) - මෙයින් සිදුවන්නේ යම් වායුමය ස්වභාවයක් උපයෝගි කර ගෙන display එක ලබා දිමයි.
  • LED (Light Emitting Diode) - මෙයින් සිදුවන්නෙ කුඩා  LED යොදා ගෙන display එක ලබා දිමයි. අද වන විට වැඩි වශයෙන් නැත්නම් බහුලව භාවිත වෙන්නේ මෙම LED මොනිටර සහිත පරිගණක යි.



හොදයි, අද අපි monitor එක ගැන කතා කරා අපි ඊලග පොස්ට් එකෙන් key board (යතුරු පුවරුව) ගැන විස්තර කතා කරමු. සුබ දවසක්.




Wednesday, September 4, 2019

පරිගණකයක කොටස්

ආයුබෝවන් සියලු දෙනාටම.............

අද අපි කතා කරන්නේ පරිගණකයක කොටස් ගැන විස්තර ටිකක්.

පරිගණක පද්ධතිය මුලික කොටස් 03ට බෙදෙනවා. ඒවා තමා,
  • දෘඪාංග (Hardware)
  • මෘදුකාංග (Software)
  • ජිවාංග (Liveware)                                                    
                               පරිගණකයක භෞතික කොටස් දෘඪාංග නමින් හදුන්වනවා. මෘදුකාංග විදිහට හදුන්වන්නේ දෘඪාංග විසින් කළ යුතු දෑ පිළිබද උපදෙස් දෙන හෝ සපයන ක්‍රමලේඛයි. මෙහි ජිවාංග ලෙස හදුන්වන්නේ පරිගණක භාවිතා කරන පරිශිලකයන්. යමි කෙනෙකු පරිගණකය භාවිත කරමින් සිටි නමි ඔහු හෝ ඇය එම මොහොතේ ජිවාංග ලෙස හදුන්වන්න පුලුවන්.
                               දෘඪාංග හා මෘදුකාංගවල අන්‍යෝනය ක්‍රියාකාරිත්වය මත පරිගණක ක්‍රියාත්මක වෙනවා. පරිගණකයක ආවරණය සහ ඒ තුළ ඇති සියලු දෑ ඇතුළත්ව ඔයාලට පෙන සහ ස්පර්ශ කළ හැකි කොටස් දෘඪාංග විදිහට හදුන්වන්න පුලුවන්. මේ දෘඪාංගවල වැදගත්ම කොටස වන්නේ මධ්‍ය සැකසුමි ඒකකය (CPU) නමින් හදුන්වන කොටසයි. මේ කොටස පරිගණකයේ මොළය ලෙසද හදුන්වනවා.
                              පහත ඇති රෑප සටහනෙන් පරිගණක පද්ධතියක ඇති පොදු දෘඪාංග මොනවාද කියලා ඔයාලට හදුනගන්න පුලුවන්. ඔයාලගේ පරිගණක පද්ධතිය තරමක් වෙනස්ව පෙනුනත් එහි ද මේ කොටස් සියල්ලම ඇතුලත් කරලා තියනවා. ඒ වගේ ම ලැප්ටොප් පරිගණකයකට ද මේ කොටස් තිබුණත් ඒවා තනි සටහන් පොතක ප්‍රමාණයේ පැකේජයකට සංයුක්ත කරලා තියෙන්නේ.



 මේ පරිගණක පද්ධතියේ කොටස් එකින් එකට මොනවද කියලා හදුනගමු අපි ඉලග පොස්ට් එකෙන්. හැමෝටම සුබ දවසක්.

Monday, September 2, 2019

පරිගණක වර්ග

ආයුබෝවන් සියලු දෙනාටම. කලින් පොස්ට් එකෙන් අපි පරිගණක පරම්පරා ගැන විස්තර කතා කරලා ඉවර කරා. හොදයි කලින් පොස්ට්වල පරිගණක පරම්පරා ගැන කතා කරන කොට අපිට හම්බවුන පරිගණකවලට වඩා විවිධ ක්ෂේත්‍රවලින් හැකියාවන් පෙන්වන පරිගණක වර්ග මේ වෙන කොට බිහි වෙලා තියනවා. අද අපි ඒ ගැන විස්තර ටිකක් කතා කරමු.

                                                          සාමාන්‍ය වශයෙන් පරිගණකයක් ඒවායේ මෙහෙයුමි මුලධර්ම අනුව (Principles of Operation), අරමුණු (purpose) හා ප්‍රමාණය හා වේගය (size and speed) අනුව වර්ග කරන්න පුලුවන්. ආරක්ෂාව, ගුවන් යානා සැලසුම්කරණය, කාලගුණ පර්යේෂණ, පරිගණක සජිවිකරණ චිත්‍රපට ආදි විශේෂ ක්ෂේත්‍රවල ඒවාට විශේෂයෙන් ම නිපද වු සාමාන්‍ය පරිගණකයන්ට වඩා ඉහළ හැකියාවන්ගෙන් යුත් පරිගණක තියනවා. ඒවාගේ ම මෝටර් රථ, රෑපවාහිනි, ස්ටීරියෝ පද්ධති, කැල්ක්‍යුලේටර සහ උපකරණ තුළට කාවද්දා ඇති ඉතා කුඩා පරිගණක ද දකින්න පුලුවන්. මේ අතර පෞද්ගලික පරිගණකය (Personal Computer /PC) එක් වරකට එක් පුද්ගලයෙකුට පමණක් භාවිතා කිරිමට හැකිවන සේ සැලසුම් කරලා තියනවා. මේ පෞද්ගලික පරිගණක ඩෙස්ක්ටොප් (desktop), ලැප්ටොප් (laptop) සහ අත් රැදි පරිගණක (palmtop) විදිහට කාණ්ඩ කිපයක් හදුන්වා දෙන්න පුලුවන්. ඔයාලා මේ වෙනකොට මේ පරිගණක ගැන අහලා තියනවා නේද. ලෝකයේ ප්‍රමුඛ පෙලේ පරිගණක නිෂ්පාදන සමාගම වන IBM විසින් IBM-PC යනුවෙන් නමි කළ ලොව ප්‍රථම පෞද්ගලික පරිගණකය හදුන්වා දුන්නා. 
                                                         අපි දැන් බලමු කලින් කතා කරපු මේ පෞද්ගලික පරිගණක වර්ගවල විස්තර ටිකක්.

ඩෙස්ක්ටොප් පරිගණක (Desktop Computer)



                             ඩෙස්ක්ටොප් පරිගණක මෙිසයක් හෝ ඩෙස්කයක් මත තබා භාවිත කරන්න පුලුවන් විදිහට සැලසුමි කරලා තියනවා. සාමාන්‍යයෙන් මේ පරිගණකය වෙනත් පෞද්ගලික පරිගණකවලට වඩා විශාලත්වයෙන් හා බලවත්කමින් වැඩියි. මේ පරිගණක වෙන් වෙන් වශයෙන් පවතින සංරචකවලින් නිර්මාණය වෙලා තියනවා. මෙහි මුලික සංරචකය පද්ධති ඒකකය (system unit) නමින් හදුන්වන අතර සාමාන්‍යයෙන් එය මෙිසයක් යට හෝ මත හෝ තබන සෘජුකෝණාස්‍රාකාර ආවරණයක් සහිත වුවක්. මොනිටරය (monitor), මුසිකය (mouse) සහ යතුරු පුවරුව (key bourd) වැනි වෙනත් සංරචක (device) පද්ධති ඒකකයට සම්බන්ධ කරලා තියනවා. මේ සංරචක ගැන අපි තවත් විස්තර වෙන පොස්ට් එකකින් කතා කරමු.

ලැප්ටොප් පරිගණක (Laptop Computer) 



                             ලැප්ටොප් පරිගණකය සිහින් තිරයක් සහිත බරින් අඩු ජංගම පරිගණකයකි. මෙය ප්‍රමාණයෙන් කුඩා විම නිසා නෝටිබුක් පරිගණක ලෙස ද හදුන්වනවා. ලැප්ටොප් පරිගණක බැටරි මගින් ද ක්‍රියාත්මක කළ හැකි යි. ඒ නිසා මේ පරිගණක ඕනෑම ස්ථානයකට ගෙන යා හැකි යි. ඩෙස්ක්ටොප් පරිගණකය මෙන් නොව ලැප්ටොප් පරිගණකය පද්ධති ඒකකය, තිරය සහ යතුරු පුවරුව එකට සම්බන්ධ කරලා තියෙන්නේ. භාව්ත නොකරන විට තිරය යතුරු පුවරුව මතට හකුළා තියනවා.

අත් රැදි පරිගණකය (Palmtop Computer)  



                            මේ පරිගණකය පෞද්ගලික අංකිත සහයක (PDAS-Personal Digital Assistants) විදිහට ද හදුන්වනවා. මේ පරිගණක බැටරිවලින් බලගැන්වු පරිගණක වන අතර ඕනෑම ස්ථානයකට ගෙන යාමට තරමි ප්‍රමාණයෙන් කුඩා ඒවා වෙනවා. අත් රැදි පරිගණක ඩෙස්ක්ටොප් පරිගණකය හා ලැප්ටොප් පරිගණකය මෙන් වේගවත් නොවුව ද ලිපින සහ දුරකථන අංක ගබඩා කිරිමත් හමුවිමි කාර්යය සටහන් කිරිමට සහ ක්‍රිඩාවල නියැලිමට ප්‍රයෝජනවත් වෙනවා. සමහර පරිගණකවලින් දුරකථනයෙන් ඇමතිම හෝ අන්තර්ජාලයට පිවිසිම වැනි වඩාත් වැඩි දියුණු කළ හැකියාවක් තියනවා. අත් රැදි පරිගණකවල යතුරු පුවරුව වෙනුවට ඔබේ ඇගිල්ල හෝ ඵලක පෑන (පෑනක හැඩයෙන් යුත් යොමු කිරිමේ උපකරණයක්) සමග භාවිත කරන ස්පර්ශක තිර තියනවා.

                                          ඔයාලා අද දැන ගන්න ඇති නේද අපි මෙච්චරකල් පාවිච්චි කරපු පරිගණක වර්ග ගැන විස්තර. එහෙනමි අපි මේ වාගේ තවත් පොස්ට් එකකින් හම්බවෙමු. සුබ දවසක්.

Friday, August 30, 2019

Fifth Genaration (පස්වන පරම්පරාව, වර්තමානය හා අනාගතය)

සියලු දෙනාටම සුබ දවසක්.........
අපි කලින් පොස්ට් එකෙන් කතා කරා හතරවන පරම්පරාවේ පරිගණක ගැන. අද අපි කතා කරමු පස්වන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්. 

                 හොදයි ඔයාලට මතක ඇති හතරවන පරම්පරාවේ පරිගණක ගැන කතා කරදි අපි කිවුවා වර්තමානයේ නැත්නමි අද වන විට පවතින පරිගණක බිහි විම ගැන. මේ පස්වන පරම්පරාවේ පරිගණක ගැන කතා කරදි අපිට කතා කරන්න වෙන්නේ අද වන විට පවතින හා අනාගතයේ දි නිර්මාණය විමට නියමිත නවින තාක්ෂණයෙන් යුක්ත වු පරිගණක ගැන.
                                                        මේ පරිගණකයේ ඊලග පරම්පරාව පදනමි වී ඇත්තේ කෘතිම බුද්ධිය (Artificial Intelligent) මුලික කොට ගෙනයි. ශබිද හා රෑප හදුනා ගැනිමේ තාක්ෂණයෙන් හා මිනිසාට සමාන රොබෝවරුන් නිර්මාණය කිරිම වැනි විශ්වකර්ම නිර්මාණ මේ වන විටත් ලොවට එළිදක්වලා තියනවා. ක්වොන්ටම් පරිගණකය, අණුක තාක්ෂණය හා නැනෝ තාක්ෂණය වැනි තාක්ෂණික ශිල්පිය ක්‍රම අනාගත පරිගණක ලොව විශාල වෙනසකට ලක් කිරිමට හැකි වුනා. ස්වාභාවික සංවෙිදනයන් හා භාෂාවන් අදාන (input) ලෙස ගෙන ස්වයංක්‍රියව සංවිධානය වී අධ්‍යනය කර පිළිතුරු සැපයිය හැකි උපාංග සෑදිම මේ පරම්පරාවේ අරමුණු වුනා.
                                                      ඉතිං ඔයාල මේ කියපු නවින පරිගණක දැකලා, පාවිච්චි කරලත් ඇති නේද, අද වන විට විවිධ නවින පරිගණක නිර්මාණය වෙලා තියනවා වාගේ ම තවත් කල් යන විට අනාගතයේ දි මිට වඩා නවින පරිගණක බිහි වෙන්න පුලුවන්. මේ පරිගණක එක් එක් කාලය ට එක එක නවින තාක්ෂණික උපක්‍රම මගින් නවිකරණය වි අලුත් නිර්මාණ බිහි කරනවා. ඉතිං මේ පරිගණකයේ පරම්පරා මෙතනින් නතර වුවත් පරිගණක තවත් දියුණු වෙමින් නව පරම්පරාවන් ඉදිරියට බිහි කරයි.


එහෙනමි අපි අදින් පරිගණක පරම්පරා ගැන විස්තර කතා කරලා ඉවරයි. තවත් අලුත් දෙයක් ගැන විස්තරයක් ඇරගෙන ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු. සුබ දවසක්. 

Wednesday, August 28, 2019

Fouth Generation (හතරවන පරම්පරාව 1975-වර්තමානය)

ආයුබෝවන් සියලු දෙනාටම. තුන්වන පරම්පරාවේ පරිගණක ගැන අපි කලින් පොස්ට් එකෙන් කතා කරා. අද අපි කතා කරමු හතරවන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්.

                                                             පරිගණක ක්ෂේත්‍රය විශාල වෙනසකට ලක් කළ සොයා ගැනිමක් විදිහට ක්ෂුද්‍ර සකසනය (Micro Processor) හදුන්වා දෙන්න පුලුවන්. මේ නව සොයා ගැනිම පරිගණකයේ විශාල ප්‍රගතියක් ඇති කළා. මෙමගින් දහස් ගණනක් වු සංගෘහිත පරිපථ ඉතා කුඩා සිලිකන් (silicon) පතුරකට (chip) එක් කර නිපද වුවා. එමගින් පළමු පරම්පරාවේ විශාල කාමරයක් තරම් විහිදුන පරිගණකය අත්ල මත තබා ගැනිමට හැකි වන ලෙස ප්‍රමාණයෙන් කුඩාවට සැකසිමට හැකි වුනා.
                                                        පරිගණකයේ මධ්‍ය සැකසුමි ඒකකය,මතකය (memory) හා ආදානය (input), ප්‍රතිදාන (output), පාලකයන් කුඩා පතුරු (chip) වලට ගොනු කර ගැනිමට මෙමගින් පුලුවන් වුනා. ග්‍රාපිකරෑපී තිර මුහුණත් (Graphical user lnterface) හා මුසිකය (mouse) වැනි උපකරණ ද මේ පරම්පරාවේ දි බිහි වුනා. තවද පරිගණක ජාලකරණය වී අද වන විට පවතින අන්තර්ජාලය වැනි සංකල්ප ද බිහි වුනා. ඉතිං අද වන විට පරිගණකය විවිධ විදිහට නවිකරණය වෙලා තියනවා කියලා ඔයාලට ම පෙනවා ඇති නේ, නේද. 

හොදයි මේ වෙන කොට පරිගණකය තියන තත්ත්වයට වඩා තවත් වැඩි දියුණු වෙමින් අනාගතයේ දි මිට වඩා නවිකරණය වු පරිගණක බිහි විම ගැන විස්තර අපි ඊලග පොස්ට් එකෙන් කතා කරමු. හැමෝටම සුබ දවසක්.   

Monday, August 26, 2019

Third Generation (තුන්වන පරම්පරාව 1964-1975)


සියලු දෙනාටම සුබ දවසක්. ඔයාලට මතක ඇති අපි කලින් පොස්ට් එකෙන් දෙවන පරම්පරාවේ පරිගණක ගැන විස්තර කතා කරා.


                                         
                                                    අද අපි කතා කරමු තුන්වන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්. 60 දශකයේ ක්‍රමලේඛන භාවිතයේ දියුණුවත් සමග ම 1964 වර්ෂයේ දැනට අප භාවිත කරන නවීන පරිගණකයේ මුලාරම්භය සිදු වුනා. ඒ වගේ ම සංගෘහිත පරිපථය (Integrated Circuit) සොයා ගැනිම මේ තෙවන පරම්පරාවේ පරිගණක සදහා පාදක වුනා. මෙහි දි ට්‍රාන්සිස්ටර් ක්ෂුද්‍රකෘත කර (ප්‍රමාණයෙන් ඉතා කුඩා කර) සිලිකන් පතුරු තුළ අසුරා භාවිතයට ගැනුනා. මේ මගින් පරිගණකයේ වේගය හා කාර්යක්ෂමතාවය තවත් වැඩි වුනා. ම්ට පෙර පරම්පරාවේ භාවිත කළ Punched cards හා මුද්‍රිතයන් වෙනුවට මෙහි දි පරිශිලකයා යතුරු පුවරුව හා මොනිටරය මගින් පරිගණකය හා යා විම විශේෂිත වුනා. 
                                            පළමුවරට පරිගණක සදහා මෙහෙයුම් පද්ධති භාවිතය ද මේ පරම්පරාවෙන් ආරම්භ වුනා. පෙර පරිගණකවලට වඩා කුඩා හා ලාභ වු නිසා ප්‍රථම වරට බහුතර පිරිසකට පරිගණක ලබා ගත හැකි වුනා. 

අපි දැන් බලමු මේ තුන්වන පරම්පරාවේ පරිගණකවල වාසි අවාසි ටිකක්.   


තුන්වන පරම්පරාවේ පරිගණකවල වාසි.

  • ප්‍රමාණයෙන් කුඩා විම.
  • වඩා විශ්වාසදායක විම.
  • ක්‍රියාත්මක කිරිමේ දි පිටවන උෂ්ණත්වය දෙවන පරම්පරාවට වඩා අඩු විම.
  • ගණනය කිරිමේ වේගය වැඩි විම.
  • පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි විම.
  • පෙර පරම්පරාවන්ට වඩා අඩු බලයක් භාවිතා විම.
  • වාණිජමය නිෂ්පාදනය පහසු විම හා ලාභ දායි විම.


තුන්වන පරම්පරාවේ පරිගණකවල අවාසි. 

  • බොහෝ අවස්ථාවල වායු සමිකරණ අත්‍යවශ්‍ය විම.
  • චිප්ස් (IC) නිපදවිම සදහා උසස් සියුමි තාක්ෂණයක් අවශ්‍ය විම.


තුන්වන පරම්පරාවේ පරිගණක ගැන අපි විස්තර ගොඩක් කතා කරා. ඊලග පොස්ට් එකෙන් කතා කරමු හතරවන පරම්පරාවේ පරිගණක ගැන. එහෙනමි හැමෝටම සුබ දවසක්.

Sunday, August 25, 2019

Second Generation (දෙවන පරම්පරාව 1955-1964)


ආයුබෝවන් සියලු දෙනාටම. අපි කලින් පොස්ට් එකෙන් කතා කරා පළමු පරම්පරාවේ පරිගණක ගැන. මං හිතනවා ඔයාලට මතක ඇති කියලා.

                  හොදයි අද අපි කතා කරමු දෙවන පරම්පරාවේ පරිගණක ගැන විස්තර ටිකක්. 1959 දි රික්ත නාල (Vaccum Tube) වෙනුවට Transister (ට්‍රාන්සිස්ටර්) භාවිතා කිරිම නිසා පරිගණක භාවිතා කරන විට තිබුණු නොයෙකුත් බාධක නැත්නමි අඩුපාඩු මේ නිසා මග හැරුණා. මෙය රික්තක නලයට සාපේක්ෂව ඉතා කුඩා නිසා දෙවන පරම්පරාවේ පරිගණකවල සැලකිය යුතු තරමේ ප්‍රමාණයේ කුඩා විමක් දකින්නට හැකි වුනා. මේ පරිගණකවල කාර්යක්ෂමතාවයේ ද සැලකිය යුතු වර්ධනයක් ඇති වුනා. තවද ට්‍රාන්සිස්ටර භාවිතය නිසා ශක්තිය පෙරට වඩා ඵලදායි ලෙස භාවිත කිරිමට හැකි වුනා. රික්ත නාල පාවිච්චි කිරිමේ දි යන්ත්‍ර තුළ සිදුවන අධික රත්විම වළක්වා ගැනිමට මේ ට්‍රාන්සිස්ටර කදිම විසදුමක් වුනා.    
                                    පළමු පරම්පරාවේ Magnetic drum වෙනුවට Magnetic core technology තාක්ෂණය භාවිතයෙන් පරිගණකයේ කාර්යයන් සදහා අවශ්‍ය උපදෙස් පළමු වරට මෙහිදි මතකයේ ගබඩා කර තබා ගත්තා. උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් භාවිතය ද මේ පරම්පරාවේ දි ආරම්භ වුනා.

දැන් අපි බලමු මේ දෙවනි පරම්පරාවේ පරිගණකවල වාසි අවාසි ටිකක්.

දෙවන පරම්පරාවේ පරිගණකවල වාසි.

  • පළමු පරිගණකවලට වඩා ප්‍රමාණයෙන් කුඩා විම.
  • වඩා විශ්වාසදායක විම.
  • ක්‍රියාකරවිමෙි දි වේගය වැඩි විම.
  • ගණනය කිරිමෙි වේගය වැඩි විම.
  • දෘඩාංග ක්‍රියා විරහිත විම අඩු විම.
  • වාණිජමය කාර්යයන් සදහා වැඩිපුර භාවිතා කිරිම.

දෙවන පරම්පරාවේ පරිගණකවල අවාසි.

  • වාසි සමිකරණ අත්‍යවශ්‍ය විම.
  • නිරන්තර නඩත්තුව අත්‍යවශ්‍ය විම.
  • වාණිජ නිෂ්පාදනය අසිරු විම හා වියදම අධික විම. 


දෙවනි පරම්පරාවේ පරිගණක ගැන අපි අද කතා කරේ. ඊලග පොස්ට් එකෙන් තුන්වන පරම්පරාවේ පරිගණක ගැන විස්තර කතා කරමු. එහෙනමි හැමෝටම සුබ දවසක්.